தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ගෑස් මිලත් ඉහළ යන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෑස් මිලත් ඉහළ යන ලකුණු



ගෑස් සමාගම් පවත්වාගෙන යෑමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 400කින් හෝ වැඩි කළ යුතු බවට යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර තිබේ.

ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත .

මේ සඳහා තවත් අමාත්‍යවරුන් පිරිසක් එකතු වී සිටි අතර ගෑස් සමාගමේ ප්‍රධානීන් දෙදෙනාද සහභාගි වී සිටි අතර ඔවුන් එහි දි පෙන්වා දී ඇත්තේ, ඩොලරයේ අගය ඉහළ යාමත් ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතු තත්වයක සිටින බවයි.

මිල ඉහළ දැමීම ගැන නැවත කතා කෙරෙන්නේ පසුගියදා ගෑස් සිලින්ඩරයක බර අඩුකර අනියම් ආකාරයෙන් මිල වැඩිකිරීමක් සිදුකිරීමෙන් අනතුරුවයි. ලීටර 18 න් යුතු මෙම ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9.18ක් වූ අතර මිල රුපියල් 1395 ක් විය. ඒ අනුව සිදුව තිබුණේ අනියම් ආකාරයෙන් ගෑස් මිල වැඩි කිරීමකි.