தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ගෑස් සමාගම් දිගටම පාරිභෝගිකයන් කොල්ල කද්දී තීන්දු ගන්න සතියක් පමා කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෑස් සමාගම් දිගටම පාරිභෝගිකයන් කොල්ල කද්දී තීන්දු ගන්න සතියක් පමා කරයි!



(TopNews) ගෑස් සමාගම් දෙක විසින් පාරිභෝගිකයන් කොල්ල කෑම ගැන අන්තිමේට වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට කරුණු තේරුම් ගොස් ඇති නමුත් තීරණයක් ගැනීමට ඇමති මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කිරීම සතියකින් කල් දමා ඇත.

මාස ගණනක් තිස්සේ ‘ලිට්‍රෝ’ සහ ‘ලාෆ්ස්’ සමාගම් දෙක විසින් ගෑස් හිගයක් මවමින් සහ නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දෙමින් කරන මෙම මහා ගෑස් කොල්ලය සම්බන්ධ අප කිහිප වරක් සංඛ්‍යාත්මකව කරුණු දක්වමින් සටහන් කළ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති කුට්ටමට ඒ බව අවබෝධ කරගැනීමට නොහැකි වූවා විය යුතුය. ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන්, ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යැවීමක් කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් හදිසියේම, කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත. කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට මිලදී ගැනීමට වෙළඳ පොළේ නැති බවට පළමුවරට වෙළඳ ඇමතිවරයා ‘සොයාගැනීමක් කර’ ඒ බව කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

මාස ගණනක් මෙම ගැටලුව විවිධ මට්ටමෙන් පාරිභෝ්ගිකයන් හා ජනමාධ්‍ය විසින් අනාවරණය කළද ප්‍රධාන පෙළේ මාධය ආයතන විසින් ගෑස් සමාගමේ දැන්වීම් අල්ලස් ගෙන මෙම වංචාව යට ගසා ඇත.

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් සීයක් අඩු වෙන් කිලෝ ග්‍රෑම් 9.5 ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ අලෙවි කිරීම පාරිභෝගිකයාට අසාධාරණයක් බවද ඇමි බන්දුලට තේරුම් ගොස් ඇත. මේ නිසා සමාගම්වල වංචනික අලෙවි කටයුතු සම්බන්ධ තහනමක් කිරීමට ඇමති බලතල හෝ පාරිභෝගික නීතිය භාවිත නොකර ඔහු යෝජනා කරන්නේ සමාගම්වලට මිල සංශෝධනය කිරීමේ ඉල්ලීමකි.

තවද වෙළඳ පොළට අලුතින් හදුන්වා දෙනු ලැබූ ලීටර 18 ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක ඇත්තේ ගෑස් කිලෝ 9.5 ක් බැවින් ,එහි බර කිලෝ ග්‍රෑම්වලින් සඳහන් කරන ලෙස ද ඇමතිවරයා, මාස ගණනක් තිස්සේ ගෑස් සමාගම් විසින් කර ගෙන යන වංචාව ගැන කිසිවක් නොකළ සිය ඇමති සගයන්ට යෝජනා කර ඇත.

වෙළඳ ඇමතිවරයා මීට අදාළ කැබිනට් සංදේශයක් ද ඇමති මණ්ඩලයට යොමු කර ඇති නමුත්, එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් දමා ඇත.