தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගෑස් අලෙවිය ගැන නව ගැසට් නිවේදනයක් - බර අඩු කළ ගෑස් සිලින්ඩර ගැන සඳහනක් නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෑස් අලෙවිය ගැන නව ගැසට් නිවේදනයක් – බර අඩු කළ ගෑස් සිලින්ඩර ගැන සඳහනක් නැහැ



ජුනි 9වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගෑස් වෙළඳාම සදහා නව ගැසට්ටුවක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කොට තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය මෙයින් දන්වා තිබේ.

නව ගැසට් පත්‍රයට අනුව කිසිදු වෙළෙන්දෙකුට කිලෝග්‍රෑම් 12.5 ක් බරින් යුත් ගෑස් සිලින්ඩර් විකිණීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව එහි දැක්වේ.

නමුත් මෑතකදී හදුන්වා දුන් ‘ප‍්‍රිමියම් හයිබ‍්‍රිඩ්’ නමැති අඩු බර සිලින්ඩර අලෙවිය ගැන එහි සඳහන් කර නොමැති අතර මෙම ගසට්ටුව හරහා එය විකිණීමට කිසිදු අවහිරයක්ද සිදුකර නැත. ලීටර 18 න් යුතු මෙම ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9.18ක් වූ අතර මිල රුපියල් 1395 ක් විය. ඒ අනුව සිදුව තිබුණේ අනියම් ආකාරයෙන් ගෑස් මිල වැඩි කිරීමකි.