தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා 3500ක් වැසී ගිහින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා 3500ක් වැසී ගිහින්



පවතින ගෑස් හිඟය හේතුවෙන් කුඩා පරිමාණයේ හෝටල් සහ ආපන ශාලා 3500ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා තිබේ.

එසේම එදිනෙදා නිවෙස්වල සහ මගතොට හිද කුඩා පරිමාණයෙන් ආහාර සකසන වෙළඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු පවසා ඇත.

රට පුරා පවතින ගෑස් හිඟය අද(04) වනවිට බොහෝ දුරට මග හැරිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසා ඇත. ඔහු පවසා ඇත්තේ මෙරටට ගෑස් නැවක් පැමිණ ඇති බවට ලිට්රෝ ගෑස් සමාගම දැනුවත් කර ඇති බවයි.