தமிழ்
English
Contact
Saturday 16th February 2019    
‘ගින්නෙන් උපන් සීතල’ ගැන - කලාවෙන් ඔබ්බට - (3) - ලයනල් බෝපගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට – (3) – ලයනල් බෝපගේ



අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරඹීමේ අභිප්‍රාය ඇතිව විදේශගත ලාංකිකයන් විවිධ අදහස් පළ කර ඇත. ඒ සම්බන්ධව අදහස් පළ කරමින් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයකු වන ලයනල් බෝපගේ විසින් ලියූ සටහනකින් පසුව ලන්ඩනයේ වාසය කරන ගාමිණි මුතුකුමාරණ විසින් සංවාදාත්මක ප්‍රතිචාර සටහනක් ලෙස ලියූ දීර්ඝ ලිපියක් පළ කරන ලදී. ඊට ප්‍රතිචාර ලෙස නැවත වරක් ලයනල් බෝපගේ අප වෙත එවු ලිපි පළෙක අවසාන සටහන මෙසේ පළ කරමු. මේ වනවිට ඕස්ට්‍රෙිලියාව වාසභූමි කරගෙන සිටින ලේඛකයා තවමත් ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නරඹා නැති බව සළකන්න.

පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා කරන ලද ප්රචාරක කටයුතු හැරුණු විට විවෘත තලයට එන්නට පක්ෂයේ කිසිදු කැමැත්තක් නොතිබුනේ නම් ජනාධිපතිවරයා සමඟ සෘජු ලෙස ඒ කරුණ ගැන සාකච්ඡා කරන්නට පක්ෂය මා යොදවා ගත්තේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ දේශපාලන නායකත්වය සමඟ කේවල් කළ පළමු අවස්ථාව මෙය නොවේ. විවිධ අවස්ථාවල දී රෝහණ, ගමනායක, කේලි සේනානායක යන සහෝදරවරු මෙන්ම මමත් කිහිප වතාවක් ම ජේ ආර් ජයවර්ධන සහ ආර් ප්‍රේමදාස යන මහත්වරු හමුවී කේවල් කිරීමේ යෙදී තිබුණි; ඔවුන් සමඟ දුරකතනයෙන් ද කතා බහ කර තිබිණි.
ආණ්ඩුව 1987 දී පමණ ජවිපෙ සමඟ සාකච්ඡා කරන්නට වුවමනා බව පැවසීය. ඔවුහු එවකට අත් අඩංගුවේ සිටි දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ශාන්ත බණ්ඩාර සහෝදරයාත් තවත් කිහිප දෙනෙකුත් නිදහස් කලහ. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක ද රජය වෙනුවෙන් ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි ද අත්සන් කරන ලද ප්‍රචණ්ඩ ක්රියයා නතර කිරීමේ ගිවිසුමක්‌ ආණ්ඩුව විසින් ප්රණකාශයට පත් කළ බව මට මතකය. ඒ ගිවිසුම බිහි කිරීමේ ක්රි්යාවලියට තිස්ස බාලසූරිය පියතුමා මුල පිරුවේ (කේලි සේනානායක සහෝදරයා යයි බොහෝ දෙනෙකු විසින් වරදවා වටහා ගෙන තිබුනු) කේ සී සේනානායක නමැත්තෙකුගේ ව්‍යාජ මැදහත් වීමක ප්‍රතිපලයක් වශයෙනි.‍‍ කෙසේ වුවද, ආණ්ඩුව ඒ ගිවිසුම අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පනවා තිබුනු තහනම අහෝසි කරමින් ගැසට්‌ නිවේදනයක් ද නිකුත් කලේය. ශිෂ්යය සහ වෘත්තීය සමිති සංවිධාන තහනම ද ඉවත් කොට දකුණේ කර ගෙන යන ලද වැටලීම් ද නතර කලේය.
ජනතා විමුක්ති පෙරමුණ ප්ර්චණ්ඩ ක්රි යා නතර කරන බවට ද, ඔවුන් සතුව තිබුනු අවි ආයුධ සියල්ල භාර දෙන්නට කටයුතු කරන බවට ද ඒ ගිවිසුමේ වගන්තියක් ඇතුල් කර තිබුනි. කෙසේ වෙතත්, ඒ ගිවිසුම ප්ර්කාශයට පත් කල දිනට පසු දින ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර එවැනි කිසිදු සාකච්ඡාවක්‌ සිදු නොකෙරුණ බව ප්රකකාශ කරමින් රෝහණ සහෝදරයා එක් පුවත්පත් නිවේදනයක් ද, පසුව ගමනායක සහෝදරයා තවත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. රහසේ හෝ ප්රයසිද්ධියේ පක්ෂය රජය සමග ගනුදෙනු නොකරන බවත් ලලිත් ඇතුළත්මුදලි මහතා පල කොට තිබුනු ගිවිසුම සම්පුර්ණ අසත්යනයක්‌ බවත් ඒවායින් ප්රෝකාශයට පත් කෙරුණි. මෙය ආණ්ඩුවත්, එක්සත් සමාජවාදී පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායකයන්ට මඩ ගැසීමට කල කුමන්ත්රරණයක් ලෙස ද හඳුන්වා දෙන ලදි. ව්යාටජ හෝ අව්යා ජ වේවා, රජයේ ප්රුයත්නය අසාර්ථක විය. ඒ වන විට ආණ්ඩුව සමඟ කේවල් කිරීම සඳහා තිබුනු ඉඩකඩ වේගයෙන් ඇහිරෙමින් පැවතුනි.
එම කාල වකවානුවේ ම ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්රේේමී ජනතා ව්යාරපාරය සාකච්ඡාවට පදනමක් ලෙස රජයට ඉදිරිපත් කරන ලද කොන්දේසි සමහරක් වූයේ:
1. ඉන්දු – ලංකා ගිවිසුම අහෝසි කිරීම;
2. ඉන්දීය සාම සාධක හමුදා ඉවත් කිරීම;
3. පළාත් සභා පනත අහෝසි කොට පළාත් සභා විසුරුවා හැරීම;
4. අත්අඩංගුවේ සිටින සියළු දෙනා නිදහස්‌ කිරීම;
5. පිහිටුවා තිබුනු ඇතැම් රාජ්ය හමුදා අංශ විසුරුවා හැරීම; සහ
6. ජනාධිපතිවරණයක්‌ හා මහ මැතිවරණයක්‌ පැවැත්වීම යි.
ඉහත දක්වා ඇති කරුණුවලින් පෙනී යන්නේ රජය 1986 පමණ සිට ජවිපෙට එරෙහිව මර්දන ක්රිායා මාර්ග උත්සන්න කරන අතරම රට මුහුණ දෙමින් පැවති වැඩෙමින් තිබුන අස්ථාවර භාවය හමුවේ ඊට තාවකාලික අතරමඟ සමාදානයකට ඒමේ වුවමනාවක් ද තිබෙන්නට ඇති බව යි. මේ කාලයේ ම විපක්ෂය, බලයට පත් වුවහොත්, ජනතා විමුක්ති පෙරමුණට ඇමති පදවි පිරි නමන්නට ද සූදානම්ව සිටියේය.
1988 න් පසුව සිදුවීම් කෙරෙහි බලපෑම් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුනු බලය පිළිබඳව පැහැදිලි ලෙස අධි තක්සේරුවකට එළඹ තිබුණේය. උදාහරණ වශයෙන්, බලය පාවිච්චි කරමින් නිර්දය ලෙස ක්රි යාවේ යොදන ලද ජනතා විමුක්ති පෙරමුණේ නියෝගවලට පොදු ජනතාව අවනත වීම පක්ෂය සලකන්නට ඇත්තේ ඔවුනට තිබෙන ජන සහයෝගය ඇඟවීමක් ලෙසය. ඉක්මණින් රාජ්ය බලය අල්ලා ගන්නට පුළුවන් බවට අධිතක්සේරුවකට එළඹ නොතිබෙන්නට, රජයේ හමුදා මන්දෝත්සාහී කිරීමේ හෝ බෙලහීන කිරීමේ ප්රබයත්නයක් වශයෙන් හමුදා සේවයෙන් ඉවත් නොවන භටයන්ගේ හෝ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරන්නට ඉඩ නොතිබුන බව මගේ දැඩි විශ්වාසයයි. ඒ තීරණයත් සමඟම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන ලද රාජ්යන මර්දනය එහි ලේ වගුරුවන සාහසික උච්චතම අවධිය වෙත එළැඹුනේය. බිම් මට්ටමේ සිදු වූ මහා විනාශයෙන් පැහැදිලි වූයේ රජයට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ ආපසු හැරීමක් කල නොහැකි අවධියකට මර්දනය ළඟා වී තිබුණු බව යි.
තහනමින් පසු මුල්ම අවධියේ දී රෝහණ සහෝදරයාට විවෘත දේශපාලනයේ යෙදෙන්නට නොහැකි වූයේ නම් ගමනායක සහෝදරයා වැනි වෙනත් කෙනෙකුට විවෘත තලයට පැමිණ පක්ෂයට එරෙහිව අටවන ලද කුමන්ත්රසණ සහ ආණ්ඩුවේ මුසාවන්, විශේෂයෙන්ම ඒ කාලයේ පොලිස් පරීක්ෂක වරයෙක් සපයා තිබුන රහස් චක්ර‍ ලේඛනය අනාවෘත කරමින් හෙළිදරව් කරන්නට හැකියාව තිබෙන්නට ඇත. ඒ අවධියේ දී එවැනි මරණීය තර්ජනයක් පැවතියේ නම් රෝහණ සහෝදරයාට යම් කාලයකට විදේශ ගත නොහැකි වූයේ ඇයි? කාලයක් රහසිගත දේශපාලනයේ නිරතව සිටීම සන්නද්ධ අරගලයක් දියත් කිරීමේ ඛේදජනක තීරණයට මඟ පෑදුවා විය හැකිය. නායකයන් බොහෝ දෙනෙක් මරා දමන තෙක් ඒ කාලය තුල විවෘත දේශපාලනයේ යෙදෙන්නට නායකත්වයේ පැවති සූදානම් රහිත බව ආණ්ඩුවේ මර්දන හා ප්රවචණ්ඩ ක්රිදයා මාර්ගය ශක්තිමත් කිරීම සඳහා දායක වූයේ ද?
ගාමිණි සහෝදරයාට අනුව, මා සමඟ සෘජු සම්බන්ධතාවක් හෝ මා පක්ෂය සමඟ කිසියම් සබඳතාවක් හෝ පවත්වා ගැනීම පිළිබඳව රෝහණ සහෝදරයාට දැඩි කැමැත්තක් තිබී ඇත. රෝහණ සහෝදරයාගේ වගතුග පිළිබඳව ඔත්තු සපයන්නන්ට මුදල් තෑගි පිරිනමා තිබියදී පවා ඔහු මා සමඟ සාකච්ඡා කරන්නට වාර කිහිපයක් ම කොළඹට පවා පැමිණි බවත් ඔහු පවසයි. අවසන් වරට මා සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලණ මණ්ඩල රැස්වීම පැවැත්වුණේ 1984 ජනවාරියේ ජාඇල අවට ප්රතදේශයක යි. එහිදී ගන්නා ලද එක් තීරණයක් වූයේ මගේ දේශපාලණ පර ස ශ්ණ යලිත් සාකච්ඡා කරන්නට රෝහණ සහෝදරයා සමඟ හමුවක් පිළිවෙල කිරීම යි. ඒ අනුව පෙබරවාරි මුල අමරසිංහ සහෝදරයා ඔහුගේ මෝටර් සයිකලයෙන් මා මතුගම ගම්බද ප්රනදේශයකට කැඳවා ගෙන ගියේය. නමුත් රෝහණ සහෝදරයා බලා පොරොත්තු වූ පරිදි ඒ සාකච්ඡාව සඳහා පැමිණියේ නැත. ඒ අතර, පක්ෂය ගමන් කරමින් තිබුනු ගමනාන්තය පිළිබඳව මා නඟා තිබුනු දේශපාලන ප්රිශ්නවලට සමාන වූ ප්රණශ්න මත එවකට දේශපාලණ මණ්ඩල සභිකයෙකු වූ රත්නායක සහෝදරයා ද 1983 ඔක්තෝබර් මාසයේ දී පක්ෂය හැර ගොස් තිබුන බවද මට දැන ගන්නට ලැබුනි.
මා සමඟ සම්බන්ධ වන්නට දේශපාලන පුරෝගාමිත්වයක් නොපැවතියේ වුවද, ඔවුන්ට මා හා සම්බන්ධ වන්නට කැමැත්තක් තිබුනේ නම් ඒ කාලයේ හෝ පසු කලෙකදී පැවති කිසියම් ආකාරයේ බාධාවක් ගැන මට සිතා ගත නොහැකිය. මා පැහැදිලි ලෙස දැක්කේ පක්ෂයේ දේශපාලන දිශානතියේ සහ ඉදිරි දැක්මේ ඇතිවූ තිබුන කැපී පෙනෙන වෙනසකි; සුවිශේෂ වෙනස වූයේ ස්වයං-නීර්ණ අයිතිය පිළිගැනීම ප්ර තික්ෂේප කිරීමයි. පාලක පැලැන්තිය ස්වෝත්තමවාදී හා ජාතිවාදී ආස්ථානයන් නිර්ලජ්ජී ලෙස යොදා ගනිමින් වඩා යහපත් සහ සාධාරණ සමාජයක් ගොඩ නැඟීම දෙසට වැටී තිබෙන මාවත අහුරා දමන්නට පාලක පැලැන්තියට අවශ්යස වූ විට අවාසනාවකට මෙන් ජනතා විමුක්ති පෙරමුණට ද ඒ ක්රිායාවලියෙන් බැහැරව සිටින්නට හැකි වූයේ නැත.
රෝහණ සහෝදරයා හා මා අතර සාකච්ඡාවක් පැවැත්වූයේ වුවද එය සාර්ථක ප්රජතිඵලයක් වෙත මඟ පෑදිය හැකිව තිබුනේදැයි මම සැක කරමි. ඒ වන විට ජාතිකවාදීන් හා ජාතිවාදීන් සමඟ එකම වේදිකාව පවා බෙදා හදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තමන් විසින්ම අවස්ථාවාදී ලෙස ඔවුන්ට නතු වී තිබුණේය. අවසාන‌යේදී, මෙයින් සමාජය තුල ජාතිකවාදී හා ජාතිවාදී ස්ථාවර තහවුරු කොට පැල පදියම් කරන්නට මඟ පෑදුණේය. 1982 ජනාධිපතිවරණයේ සිට හා 1987 දෙවන සන්නද්ධ නැඟිටීම සමයේ පක්ෂ නායකත්වය ප්රසතිගාමී ජාතිවාදී ස්ථාවරයන් වෙත එතරම් නැඹුරු වූයේ මන්දැයි යන ප්රේශ්නය තවමත් සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් කරුණක් වෙයි.
මා සමඟ සෘජු සම්බන්ධතාවයක් හෝ මා පක්ෂය සමඟ සබඳතාවක් පවත්වා ගැනීමට රෝහණ සහෝදරයා දැඩි කැමැත්තක් දැක්වූයේ යයි යනුවෙන් ගාමිණී සහෝදරයා කරන ප්රමකාශය වැරදි සහගත ය. මා එසේ පවසන්නේ මා ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කල විට පක්ෂය මට එරෙහිව දියත් කල අපවාදාත්මක ප්ර හාරය නිසාවෙනි. මෙය, කණගාටුවට මෙන් අළුත් දෙයක් නොවීය. රෝහණ සහෝදරයා දරන අදහසට වඩා වෙනස් දේශපාලන මතයක් කෙනෙක් දැරුවේ නම්, පොදු ප්ර්තිචාරය වූයේ සතුරු බව යි. 1983 දෙසැම්බරයේ මා රැඳවුම් භාරයෙන් නිදහස් කරන තෙක් චිත්රාව සහෝදරිය සහ දයා වන්නිආරච්චි සහෝදරයා මගින් පක්ෂය මා සමඟ සම්බන්ධකම් පැවැත්වීය. මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් වහාම පක්ෂය මට එරෙහිව විවිධාකාරයේ අවලාද නැඟීමේ ව්යා පාරයන් දියත් කලේය. රඳවනු ලැබ සිටින අතරතුර මා පක්ෂය පාවා දෙන ලද බවත්, චිත්රාන සහෝදරිය මගින් මා කතෝලික ආක්රයමණයට යට වූ බවත්, පක්ෂයට එරෙහිව රජය දියත් කල මර්දනයට බියෙන් පලා ගිය බවත් ඒ අවලාද අතර වූයේය. පක්ෂය මා වෙත මෙලෙසින් එදිරිවාදී වුවද, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ධනේශ්වර පාලනය ගත් කිසිදු ක්රිමයා මාර්ගයකට මගෙන් මොනයම් ආකාරයක හෝ අනුබලයක් ලැබුනේ නැත.
1984 පෙබරවාරියේ දී මා පක්ෂයෙන් සමු ගන්නා විට මගේ අවසාන ඉල්ලීම වූයේ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය හැම පක්ෂ සාමාජිකයෙකුට ම ලබා ගත හැකි බවට පත් කරන ලෙසයි. කෙසේ වෙතත් ඒ වන විට පක්ෂය අනුගත කොට ගෙන තිබුනු අළුත් දේශපාලන දිශානතිය හමුවේ පක්ෂය මගේ ඉල්ලීමට එකඟ නොවීම පුදුමයට කරුණක් නොවේ. ඒ ආකාරයට, මගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් මතු කොට තිබුන පක්ෂ සංවිධානය, සංස්කෘතිය, දේශපාලන පෙළගැස්ම සහ දිශානතිය වැනි කරුණු පිළිබඳව කිසිදු ප්රුජාතන්ත්රයවාදී සාකච්ඡාවක් සිදු වීම ව්යමර්ථ කෙරුණි. මා නැඟූ ප්ර ශ්න හා මා පක්ෂයෙන් ඉවත් වූ හේතු කල එලි බසින්නට පටන් ගත්තේ මෑත කාලයක සිට පමණකි.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී මා පක්ෂය පාවා දුන් බවක් අඟවන ද්වේශ සහගත ආකාරයේ අදහස් දැක්වීම් එකක් දෙකක් ‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියූ ලිපියෙන් පසු ජීවිතයේ පළමු වරට මම දුටුවෙමි. එසේ අදහස් දක්වන අයට ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටත්, එසේ ඉදිරිපත් කල නොහැකි නම් ඔවුන්ගේ අවලාද නැඟීම නතර කරන ලෙසටත් අභියෝග කරමි. මට එරෙහිව එවැනි චෝදනා නඟන අයට මට පැවසිය හැකි එකම දේ වන්නේ ඔබ ගිල දමා ඇත්තේ ලණුවක් නොව දෑවැන්ත කඹයක් බවයි!