Posted on 09.12.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ප්‍රසූත නිවාඩු ලබා ගන්නා ගුරුවරියන්ට අර්ධ වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් අවලංගු කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කර ඇත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් ගුරුවරියන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ පෞද්ගලික අංශයේ මව්වරුන් දින 84න් නැවත රාජකාරියට පැමිනෙන්නේ නම් රාජ්‍ය අංශයේ මව්වරුන්ට එසේ පැමිනිමට හැකි විය යුතු බවයි.
දින 84කින් සැහීමකට පත් වී නැවත රාජකාරි සඳහා වර්තා කරන මෙන් ඉල්ලීමක් පමණක් සිදු කරන බවත් නිවාඩු අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් තිබෙනම් පමනක් ඉතිරි නිවාඩු දින ලබා ගැනිම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වසරක් පමන නිවාඩු ලබා ගත්විට එම ගුරුවරියට භාර පංතියේ ළමුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට ගුරුවරයෙකු නොමැති වීමේ ගැටලුවට විසඳුමක් නොමැතිවි තිබෙන බවයි.