தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ගුරු වර්ජනය විසඳන හැටි මම දන්නවා - එස්.බී. උඩුබුරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු වර්ජනය විසඳන හැටි මම දන්නවා – එස්.බී. උඩුබුරයි!



ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගෙන යන ගුරු-විදුහල්පති වැඩ වර්ජනයට විසඳෞම් දෙන හැටි තමා දන්නා බව එස්.බී.දිසානායක පවසයි.

තමාද වගකිව යුතු කාරණයක් ලෙස වසර 24ක කාලයකදී විසඳුම් දීමට නොහැකි මෙම ගැටලුව විසඳීමට තමන් දන්නා බව පවසමින් හිටපු අධ්‍යාපන ඇමතිවරයකු මෙන්ම මධ්‍යම පළාතෙන් ජනතාව පරාජය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා මෙසේ පුරසාරම් කියා ඇත. හඟුරන්කෙත පැවති උත්සවයකින් අනතුරුව ගුරු වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් හමුවේ ඔහු මෙලෙස අදහස් පළ කර තිබිණි.

“ගුරු වර්ජන මම නම් දන්නවා විසඳන හැටි. හැබැයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සාමකාමී විසඳුමක් නේ හොයන්නේ. අද අගමැති සමඟ තියෙන සාකච්ජාවේ දී එතුමාලා කියන දේ විශ්වාස කරයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඒ වර්ජනය මර්දනය කරලා අපි ඉස්කෝලේ පටන් ගන්නවා.එහෙම අතීතයේ කරලා තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කරලා තියෙනවා. ජේ.ආර් ජයවර්ධන කරලා තියෙනවා. ලෝකයේ පොහොසත් වුණ රටවල්වල විරෝධතාවලට ඉඩ දීගෙන හිටියා නම් අදත් අපේ වගේ දුප්පත් රටක්.ඒ අය ලෝකයේ පොහොසත් රටවල් වෙලා තියෙන්නේ ඒ විරෝධතා යටපත් කරලා වැඩේ කරපු නිසා.”

තමන් කළ කී දේ නිසා සිරදඬුවම් නියම වීමෙන් නොනැවතී ජනතාවද ඡන්දය නොදීම නිසා පරාජයට පත් වූ මන්ත්‍රිවරයා මෙසේ ගුරු විදුහල්පතිවරුන්ට අනියම් තර්ජනයක් කර ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.