தமிழ்
English
Contact
Monday 24th June 2019    
ගුරු-විදුහල්පති ගැටලුවලට විසදුම් දෙනු - ගුරු විරෝධය ඉසුරුපායට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු-විදුහල්පති ගැටලුවලට විසදුම් දෙනු – ගුරු විරෝධය ඉසුරුපායට



දීර්ඝකාලයක් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවන් සම්බන්ධ යුක්තිය ඉටු නොකරීමෙන් උද්ගතව ඇති වැටුප් ගැටලු ඇතුළු ගැටලු සම්බන්ධව වහාම විසදුම් ඉල්ලා ‘ඒකාබද්ධ ගුරු සේවා සංගමය’ කැදවූ විරෝධතාව අද(28) සවස 2.00ට පැවැත්විණි.

විදුහල්පති සේවය හා ගුරු සේවය තුළ ඇති තැටලු නිසා පාසල් අධ්‍යාපනය ඇද වැටී ඇති තත්වයට පාලකයන් වගකිව යුතු බවද අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් ලබා දීමට දුන් පොරොන්දු කඩකළ බවද දක්වමින් අද විරෝධතාවයේ සටන් පාඨ කියැවිණි. එසේම අද දින පෙරවරුවේ .ජවි.පෙ. සංවිදානය කර තිබුණු ගුරු විරෝධතාවට පොලිස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිවද ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ විරෝධය මෙම උද්ඝෝෂණයේදී පළ කෙරිණි.

මෙම ගුරු සහ විදුහල්පති විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගුරුවරු හා විදුහල්පතිවරු සහභාගි වූ බව   'ඒකාබද්ධ ගුරු සේවා සංගමය'  පවසයි. එහිදී ඉදිරිපත් කල ප්‍රධාන සටන් පාඨ මෙසේය.
  • BC පෙරේරා වැටුප් කොමිසමෙන් සිදු කළ අසාධාරණය නිවරදි කර ගුරු වැටුප් වැඩි කරනු!
  • ගුරුවරුන්ට වදයක් වූ සිසුන්ට පලක් නොවූ කොළ පිරවිල්ල නවතනු!
  • වැටුප් විෂමතා, හිඟ වැටුප්, වැටුප් වර්ධක, උසස්වීම් ගැටළු වහා විසඳනු!
  • ගුණාත්මක ජාතික ගුරු අධ්‍යාපන වැඩපිළිවෙළක් සකසනු!
  • විධිමත් ගුරු මාරු පටිපාටියක් ස්ථාපිත කරනු!
  • පාසල් තුළ මුදල් අයකිරීම නවතනු!
  • අධ්‍යාපනයට 6% ක් වෙන් කරනු!
  • දරුවන් මානසික රෝගීන් කරන වත්මන් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරනු!