தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ගුරු විදුහල්පති වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා හෙට(22) කොළඹදී උද්ඝෝෂණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු විදුහල්පති වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා හෙට(22) කොළඹදී උද්ඝෝෂණයක්



ගුරු හා විදුහල්පති වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් තිහකට අධික සංඛ්‍යාවක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හෙට කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත් වේ.

වැටුප් විෂමතාව ඉවත් කිරීම, ගුරු වෘත්තිය සංවෘත සේවාවක් කරන්නැයි බලකරමින් එම විරෝධතාව පැවැත්වෙන බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයන් හෙට පෙරවරු 10ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී එම ස්ථානයේ විරෝධතාවක් පවත්වා ඉන් පසු විවෘත පාගමනකින් විහාර මහා දේවී උද්‍යානය අසලට රැස් වන බවද එහිදී දැවැන්ත උද්ඝෝෂණයකට නිරත වීමටද නියමිතය.