தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
ගුරු - විදුහල්පති සංගම් 14ක් අදත් වර්ජනයේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු – විදුහල්පති සංගම් 14ක් අදත් වර්ජනයේ



මාර්ගගත (online) ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත්වෙමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) දිනයේත් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

තම ඉල්ලීම්වලට මේ දක්වා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බව එම සංගම් පවසා තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පසුගිය 8 වැනිදා විරෝධතාවයේ නිරත වු ගුරු සංගම් නායකයින් නිරෝධායනය කිරීම මුවාවෙන් බලහත්කාරී ලෙස රඳවා තබා ගැනීමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් මෙම වර්ජනය ඊයේ ආරම්භ කර තිබුණි.

ඒ අනුව ලංකා ගුරු සංගමය, ඇතුලු ගුරු සංගම් 14ක් ඊයේ සිට මාර්ගගතව අධ්‍යාපන ලබාදීම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානවල රාජකාරිවලින් ඉවත් විය.