தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ගුරු සංගම්වල තීරණයේ වෙනසක් නැහැ - වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු සංගම්වල තීරණයේ වෙනසක් නැහැ – වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි



ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.

අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.

ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා තිබුණු සාකච්ඡාවකදී අදියර දෙකකින් වැටුප් වැඩිකීරීමක් ලබා දෙන බව අගමැතිවරයා පවසා තිබුණි. එම යෝජනාව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමේ අරමුණින් අද ගුරු සංගම් එකතුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අගමැතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එසේම ඇමති අනු කමිටු වාර්තාව සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස ලබාදියයුතු බව ගුරු සංගම් පැවසුවත් වැටුප් වැඩිකිරීම අදියර තුනට බෙදා තුනෙන් එකක් පමණක් 2022 ජනවාරි ලබාදීමට යෝජනාවී ඇති බව ඔහු පවසයි . ඉතුරු දෙක තුන ලබාදෙන්නේ ඊළඟ වසරේ බවත් ඒ පිළිබඳ කිසිදු චක්‍රලේඛයක් හෝ නොමැති බැවින් විශ්වාසයක් ද තැබිය නොහැකි බවද ජෝශප් ස්ටාලින් පවසා තිබේ.