Posted on 11.27.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන අතර එවැනි විනාශයන් සිදුවීමට පෙර ඒවා වැළක්වීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න පවසයි.
මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති අතර එබැවින් එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් අධීක්ෂණය කරන බව ඔහු පවසා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ බව පවසා ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් පිරිසක් නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදීයි.
වන සම්පත් අඩුවීමට තුඩු දෙන පරිසර විනාශය පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ද ඉල්ලා තිබේ.
මෑතදී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම් වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳව මාධ්‍ය විසින් කරන හෙළිදරව් ජනාධිපති වරයා විසින් මීට ඉහතදී ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ ඒවා “අසත්‍ය ප්රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” බවයි. දැන් පරිසර විනාශයන් සිදුවෙනවාද නැද්ද යන්න සෙවීම සඳහා ගුවන් යානා යොදවන බව පවසයි.
බොහෝ තැන්වල පරිසර විනාශයන් සිදුව ඇත්තේ දේශපාලනඥයන්ගේ රැකවරණය සහ අනුදැනුම යටතේ බව දක්නට ලැබුණි. ඊට හොඳම උදාහරණය කිසිදු පරිසර වාර්තාවක් නොමැතිව ඉදිවෙමින් තිබූ ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයයි. ඒවා ඉතා ප්‍රසිද්ධියේ සිදුවෙන්නක් වන බැවින් අමුතුවෙන් ගුවන් යානා යොදා පරිසර විනාශයන් සිදුවෙනවාද යන්න සෙවීමට අවශ්‍ය වෙන්නේ ඇයිද යන ප්රශ්නය මතුවේ.