Posted on 03.07.2022 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
යුක්රේන ගුවන් සීමාව රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, දරුණු ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවල් වෙත අනතුරු අඟවා තිබේ.
බටහිර රටවල් වෙත යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කළ ඉල්ලීම මත රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.
රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය.
කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ජනතාව ජනතාව සහාය කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් ඒල්ල කිරීම නිසා, යුද ගැටුම් තවදුරටත් ඇදෙමින් පවතී.
මේ වනවිට බටහිර රාජ්‍ය සියල්ලක්ම රුසියාවට, ජනාධිපති පුටින්ට ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට සම්බාධක පනවා ඇත.
යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙස රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇති බව වාර්තා වේ. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි බවත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.