Posted on 02.12.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ආණ්ඩුවේ කඩිකුලප්පු කාබනික පොහොර පිළිවෙත නිසා වී වගාව ඇතුළු කෘෂි ක්ෂේත්රය තුළ සිදුව ඇති පරිහානිය හමුවේ ගොවි විරෝධය මර්දයට යුද හමුදාව යෙදවීම සඳහා ආණ්ඩුව සැලසුම් කර ඇති බව අනාවරණය වේ.
මේ වනවිට ගොවි අරගල ව්‍යාප්ත වෙමින් ආණ්ඩුව ප්‍රතික්ෂේප වීමේ තත්වය තුළ ගොවි ක්ෂේත්රයේ ආණ්ඩුවේ ආධිපත්‍ය පිහිටුවීමේ අදහස ඇතිව මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධ කරුණු අනාවරණය වූයේ මාර්තු- සැප්තැම්බර් කාලයේ එළඹෙන යල කන්නයේදී ගොවීන්ට සහයවීම පිණිස සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශයත් සමගිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් බවත් යුද හමුදාපතිවරයා පවසයි.
මේ අනුව හමුදාපතිවරයාගේ ප්‍රකාශය යනු ගොවි අරගල ක්‍රියාත්මක ප්‍රදේශවලට මර්දනකාරී හමුදා බලයක් යෙදවීමේ සූදානම ඇතිව සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ නිවේදනයක් බව පැහැදිලි වේ.