தமிழ்
English
Contact
Friday 14th May 2021    
ගෝඨාගේ අවදානම නිසා චමල් ගේන සැලැස්මට මහින්ද විරුද්ධ වෙයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ අවදානම නිසා චමල් ගේන සැලැස්මට මහින්ද විරුද්ධ වෙයි!



ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභිවය අධිකරණය ඉදිරියේ ඇති ප්‍රශ්නයක් ලෙස පවතින නිසා අවදානමට මුහුණ දෙන්නට හිටපු කථානායක චමල් රාජපක්ෂ විකල්ප අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාරදෙමින් සූදානම් කිරීමට පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් කටයුතු සූදානම්කර ඇත.

කෙසේවෙතත් අවදානම හේතුවෙන් ගෝඨා වෙනුවට චමල් ඉදිරිපත්කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කරන බවට දේශපාලන අංශවල කතාබහක් ඇති විය. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙවැනි විකල්පයක් අවශ්‍ය බවට පොදුජන පෙරමුණේ සහ රාජපක්ෂවාදී විපක්ෂ කණ්ඩායම්වල නායකයන් අතර සාකච්ඡාවක් ඇතිව තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා ලෙස වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන විසින් චමල් රාජපක්ස අපේක්ෂකත්වයට යෝජනාකර තිබියදී ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන ගිය ප්‍රචාරක රැල්ල අවසානයේ මහින්දට ගෝඨාභයගේ නාමයෝජනාව භාරගන්නට සිදුවිය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනිවුන් මේ ආකාරයට ගෝඨාභය වෙනුවෙන් මහින්ද නම්මාගැනීමට කටයුතු කළ අතර චමල් රාජපක්ෂ වෙනුවෙන් නැගුනු හඬ එයින් යටපත් කෙරිණි.

නමුත් මේ වනවිට ගෝඨාභයගේ නීතිමය ගැටලු නිසා පොදුජන පෙරමුණේ නායකත්වය සෙලවීමකට ලක්ව ඇත. පුරවැසිභාවය සම්බන්ධ නඩු අවසන්වන තෙක් අපේක්ෂකයා සම්බන්ධ අවදානම භාරගත යුතු නැති බව පෙන්වා දෙමින් නැවතවරක් චමල් රාජපක්ෂ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කරන්නට දිනේෂ් සහ වාසුදේව මහින්ද වෙත බලපෑම් කර තිබේ. මහින්ද රාජපක්ෂ විසින්ද චමල් රාජපක්ෂගේ නාමයෝජනා භාරදීම පිළිබද අදහස් විමසීමේ සාකච්ඡාවක් කැඳවා තිබිණි. එහෙත් මහින්ද එහිදී පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවක අපේක්ෂකයා වෙනුවෙන් සිදුකර ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරයම එවැනි වෙනස්කිරීමකින් අඩාල වෙනු ඇති බවය. ගෝඨාභයගේ ජනප්‍රියත්වය මත එසැවී ඇති පාක්ෂිකයන්ගේ ධෛර්යය පවා එයින් සිඳීයාමට ඉඩ ඇති බව මහින්ද අවධාරනයකර ඇත. ගෝඨාභය වෙනුවෙන් දැඩි ඇදහිල්ලක මෙන් සිටින පාක්ෂිකයන් බිඳවට්ටනවාට වඩා ගෝඨාභයගේ ගැටලුව තමන්ට වාසිදායක හැරවුමක් කරගන්නට මහින්ද රාජපක්ෂගේ සැලැසුම වී ඇත.

හෙට දිනයේ සලකා බැලෙන පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට බැසිල් රාජපක්ෂ විසින්ද මහින්දට යෝජනා කර ඇති බව වාර්තා වෙයි. ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂට බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා විය හැකි බැවින් ස්වාධීන ලෙස අපේක්ෂකත්වයට ඔහුගේ නාම යෝජනා දෙන්නට බැසිල් යෝජනාකර ඇත.