தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ගෝඨාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙනද? නැද්ද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙනද? නැද්ද?



ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සියයට සියයක්ම සම්පූර්ණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

දිවයින පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුනේ ආණ්ඩුවේ මාධ්‍ය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු 31වැනි දින නිකුත් කළ එරට පුරවැසි භාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනය පදනම් කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුවරවසියෙකු බව ප්‍රකාශ කළත් ඔහුගේ නම ඇතුලත් වන්නේ මාර්තු 31වැනිදායින් පසු පුරවැසි භාවය ඉවත් කරගත් නම් ලයිස්තුවේ බවයි. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුනේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය ඉවත් කිරීමේ අවසාන ලේඛනය පසුගිය මැයි මාසයේ ලබාදීමයි.

ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින්නේ නම් ඔහුගේ ඇමරිකන් පුරවැසි භාවය අහෝසි කර ගැනීම ප්‍රමුඛ කාරණයක් සේ පවතියි. නමුත් ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂම එකිනෙකට පරස්පර ප්‍රකාශ විවිධ කාලවලදී සිදුකර ඇති බව දක්නට ලැබේ.

2015 ජූලි 15 වැනිදා රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ අමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා වන ලියකියැවිලි භාර දී ඇති බවයි. ඊළඟට 2018 පෙබරවාරි 13 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු සඳහන් කළේ තමා තවමත් අමෙරිකානු පුරවැසියකු බැවින් අගමැති වශයෙන් දිව්රුම් දීමට තමන්ට නොහැකි බවය. 2018 ජූනි 25දා එෆ්.සී.අයි.ඩිය ඉදිරිපිටදී ඔහු සඳහන් කළේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ පියවර ගනිමින් සිටින බවය. එහි කිසිම ගැටලුවක් නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තමාට එය අවලංගු කරගත හැකි බවත්ය.

මේ වසරේ මාර්තු 23දා ප්‍රකාශ කළේ අවශ්‍ය කටයුතු කර ඇති බවය. පසුගිය අප්‍රේල් 12 වැනිදා ඔහු යළිත් ප්‍රකාශ කළේ පුරවැසිභාවය අත්හැරීමේ ලියැවිලි භාරදීමට සූදානමින් සිටින බවයි. එහෙත් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ අප්‍රේල් 12 වැනිදා කියා තිබුණේ මාර්තු මාසයේ එම ලියැවිලි භාරදුන් බවයි. පසුව අප්‍රේල් 29 වැනිදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය ප්‍රකාශ කළේ තමන් තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන බවයි. පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ කටයුතු සියයට 99ක් අවසන් ඇති බව ඔහු මෙහිදී පැවසීය.