தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ගෝඨාගේ ඡන්ද ගුංඩුව වතු හාම්පුතුන් හෙලිකරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ ඡන්ද ගුංඩුව වතු හාම්පුතුන් හෙලිකරයි!



වතු කම්කරු ජනයාගේ වැටුප් රු. 1000 දක්වා ඉහළ නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් සිදු කළ ප්‍රකාශය එළඹෙමින් තිබෙන මහමැතිවරණ්‍ය අරමුණුකර ගත්තක් බව වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රකාශයකින් අනාවරණය වේ.

වතු කම්කරුවන් මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදෙන බව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පෙරේදා (14) තීරණය කළ බවට ප්‍රකාශ කෙරිණි. පසුගිය කාලයේ වතු කම්කරුවන් විසින් 1000ක අවම දෛනික වැටුපක් වෙනුවෙන් ගෙනගිය අරගලය මෙම ප්‍රකාශයට ආසන්න හේතුව විය. ‘1000 ව්‍යාපාරය’ වශයෙන් වාමා දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව ගෙනගිය අරගලයේදී වතු සමාගම් දිගටම කියා සිටියේ තමන් පාඩු ලබන බැවින් එවැනි වැටුපක් ගෙවිය නොහැකි බවය. එහෙත් වතු සමාගම් සිය ලාභ සගවමින් මෙවැනි ප්‍රකාශ නිකුත්කළ බව පසුව අනාවරණය විය. රනිල්-මෛත්‍රි ආණ්ඩුව යෝජනා ගෙන ආවේ හාම්පුතුන්ගේ වතු සමාගම්වලට එම ඉල්ලීම ලබාදිය නොහැකි නම් ජනතාවගේ බදු මුදලින් රාජ්‍ය අරමුදලින් එම වැටුප ගෙවීමටය. එහෙත් සමාගම් ලාභ ආරක්ෂා කරමින් පසුගිය ආණ්ඩුව ගෙනගිය එම වංචාව නිසා වතු කම්කරු අරගලය ජනතාව අතර හුදෙකාලකිරීමට ලක්වන බව අනාවරණය කරමින් වතු සමාගම් වෙනුවෙන් ජනතා බදු මුදල් වෙන් නොකරන ලෙසට ‘1000 ව්‍යාපාරය’ එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් වතු කම්කරුවන් සඳහා දෛනිකව රුපියල් 1000ක වැටුපක් ලබාදීමට ගෝඨාභයගේ ඇමති මණ්ඩලය පොරොන්දු දෙනවිට තම සංගමය සමග සාකච්ඡා නොකර වතු කම්කරු වැටුප වැඩි කිරීමට තීරණය කිරීම ගැටලුවක් බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසා තිබේ. එසේම එසේ වතු හාම්පුතුන්ගේ අනුදැනුමන් තොරව 1000ක දෛනික වැටුප් ගෙවන ක්‍රමවේදය හෙලිකරන ලෙසද ආණ්ඩුවට බලපෑඹ් සිදුකර තිබිණි. .

පසුගිය රජය සමයේදී වතු කම්කරු වැටුප වෙනුවෙන් 1000 අරගලය ඇවිල යද්දී රුපියල් 750ක් ලෙස වැටුප් ඉහළ නංවන බව සඳහන් කරමින් වසර දෙකක කාලයකට වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අවබෝධතා ගිවිසුමක් අත්සන් කරණු ලැබිණි. මෙම ඇමැති මණ්ඩල තීරණය මගින් එම අවබෝධතා ගිවිසුමද උල්ලංඝනය වන බව වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කරයි. අවසානයේ මෙම තීරණය වත්මන් පාලකයන්ගේ මහමැතිවරණ පොරොන්දුවක් බව අනාවරණය වී ඇත.