தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨාගේ පුරවැසිභාවය ගැන තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ පුරවැසිභාවය ගැන තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

මෙම අභියාචන පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනුකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළේය.