தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨාගේ පුරවැසි ලියකියවිලි මැතිවරණ කොමිසම පිළිගත් බව අලි සබ්රි කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ පුරවැසි ලියකියවිලි මැතිවරණ කොමිසම පිළිගත් බව අලි සබ්රි කියයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යනුකූල ඉවත්කරගෙන ඇති බවත්, ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවන බවත් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥ අලි සබ්රි පවසයි. එම කරුණට අදාළ ලිපි ලේඛනද ඔහු මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයක සහභාගීත්වයෙන් කොළඹ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නීතිඥ අලි සබ්රි පැවසුවේ සිය සේවාදායකයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසමට ලබාදී ඇති බවයි.

එම ලිපි ලේඛන මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබුණි.