தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ගෝඨාගේ හෘද සැත්කම සිංගප්පූරු එළිසබත් රෝහලෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ හෘද සැත්කම සිංගප්පූරු එළිසබත් රෝහලෙන්



මහින්ද රාජපක්ෂගේ සොයුරු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අසනීප තතිවයක් නිසා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් ව සිටි අතර එම රෝහලේදී හෘද සැත්කමක් සිදුකර ඇත.

රොගී තත්වයක් උද්ගතවීමෙන් පසුව වහාම වෛද්‍ය පරීක්ෂණයක් සදහා එම රෝහලට ගිය අවස්ථාවේදී හෘදය ආශ්‍රිත ආබාධ තත්වයක් ඇති බවත් ශල්‍යකර්මයක් කළ යුතු බවටත් ඔහුට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ හෘදය නාල අවහිරතාවන් ඇති නිසා සැත්කමක් සිදුකර එම අවහිරතා ඉවත් කළ යුතු බවය.

ඒ අනුව රාජපක්ෂ ශල්‍යකර්මයට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ විවකෙීව එළිසබෙත් රෝහලේ තවදුරටත් කාලය ගත කරන බවද දැනට සාමාන්‍ය වාට්ටුවක සති දෙකක පමණ නැවතී සිටින්නට සිදුවන බවද වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

මවුන්ට් එලිසබෙත් රෝහල සිංගප්පූරුවේ ප්‍රකට පෞද්ගලික රෝහලක් වන අතර ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් මන්ම ධනකුවේරයන් ප්‍රතිකාර ගන්නා රෝහලකි. මෙම රෝහලේ එක් ඇදක් සහිත ප්‍රතිකාර ගන්නා සාමාන්‍ය රෝගියකු දිනකට සිංගප්පූරු ඩොලර් 688ක් (රු.89,000) ගෙවිය යුතු අතර හෘද සැත්කම් වැනි කටයුතු සදහා අවශ්‍ය පහසුකම්ද ඉතා අධික ගාස්තුවලින් යුක්තය. සුවිශේෂී පුද්ගලයන් සදහා වෙන්කරන කාමර සදහා අයකිරීම සිංගප්පූරු ඩොලර් 3,988 (රු. 516685.28) වේ.