Posted on 08.05.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
පොලිසිය විසින් පසුගියදා නිවේදනය කළ ආකාරයට අද දින සවස 5.00වන විට ‘ගෝඨාගෝගම’ විරෝධතා ස්ථානය හකුලා ගත යුතු බවට වූ නියෝගය අද(5) දින නිෂ්ප්‍රභ වී ඇත.
පොලිසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමේ බලයක් නොමැති බව එම නියෝගය ප්‍රකාශ කළ අවස්ථාවේදීම නීතිඥවරුන් විසින් පෙන්වා දෙන ලදී. කෙසේවෙතත්, ආණ්ඩුවට අවශ්‍ය වී ඇති ආකාරයට ජනතා අරගලය පරාජය කිරීමේදී ගෝල්ෆේස් අරගල බිම විසුරුවා හැරීමට පොලිස් බලය යෙදවීමේ තවත් උත්සාහයක් මෙසේ ව්‍යර්ථ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළ අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට තීරණය කිරීම නිසා නීතිපතිවරයා පවසා ඇත්තේ අගෝස්තු 10 වැනිදා දක්වා එවැනි ඉවත් කිරීමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු නොකිරීමට වග බලා ගන්නා බවය.
ගෝඨාගෝගම ඉවත්කර ගන්නා ලෙස කොටුව පොලිසිය ලබා දී තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් අරගලකරුවන් ගොනු කර තිබූ “රිට්” පෙත්සම් අද දින කැදවන ලද අතර එහිදී මීලග නඩු දිනය වන අගෝස්තු 10 දක්වා කිසිදු ඉදිකිරීමක් අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ඉවත් නොකරන බවට නීතිපති වරයා එකග විය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්ශකුලරත්න, ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන්, නීතීඥ අස්තික දේවේන්ද්‍ර සහ නීතීඥ එර්මිසා ටේගල් ඇතුලු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටින ලදී.