Posted on 05.09.2022 by Sajith Saranga in ප්රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) ගාලුමුවදොර අරගල භූමිය වූ “ගෝඨාගෝගම” ආණ්ඩුවේ ආධාරකරුවන්ගෙන් මැර ප්රහාරයක් එල්ල වී ඇත. මේ හේතුවෙන් “ගෝඨාගෝගම” අරගලයේ නියුතු බොහෝ පිරිසකට තුවාල සිදු වී ඇති අතර, අරගල භූමියේ බඩුබාහිරාදිය සියල්ලම පාහේ මෙම මැර පිරිස් විසින් විනාශ කර ඇත.
බස්රථවලින් සංවිධානාත්මකව පැමිණි මෙම මැර කණ්ඩායම විසින් මුලින්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති “මයිනාගෝගම” අරගල භූමියට ප්රහාරයක් එල්ල කළ අතර, එහිදී මයිනාගෝගම අරගල භූමිය සම්පූර්ණයෙන්ම විනාශ කෙරිණි.
පසුව ගාලුමුවදොර “ගෝඨාගෝගම” අරගල භූමියට පැමිණි මෙම කල්ලිය “ගෝඨාගෝගම”ට ද පහරදීම ආරම්භ කළේය. මේ අවස්ථාවේදී සිද්ධියට මැදිහත්වීමට පොලිසිය කිසිදු උත්සාහයක් නොකළ අතර, සිදුවීම සිදුවන්නට හැර පොලිසිය බලා සිටිබව අරගලකරුවෝ පවසති.