தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ගෝඨාට කට්ටි පැනීමට ඉඩ දුන් අධිකරණ වාරණයට එරෙහිව පෙරටුගාමීන් නිහඬ විරෝධයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාට කට්ටි පැනීමට ඉඩ දුන් අධිකරණ වාරණයට එරෙහිව පෙරටුගාමීන් නිහඬ විරෝධයක



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්ව සිටි ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීම සම්බන්ද හබයාස්කෝපුස් නඩුවේ සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටින ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් එම අධිකරණ නියෝගය මගහැර යාමට හැකිවන ලෙස අභියාචනාධිකරණය විසින් දුන් වාරණ නියෝගයට විරෝධය පළ කරමින් අධිකරණ සේවා කොමිසම ඉදිරිපිට නිහඬ විරෝධයක් පැවැත්වුනි. විරෝධතාවයෙන් අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අභියාචනාධිකරණය විසින් දුන් වාරණ නියෝගයට විරෝධය පළ කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක්ද බාර දී තිබේ.
මෙම විරෝධතාවය සඳහා දේශපාලන ක්‍රියාධරයන්, වෘත්තීය සමිති නියෝජිතයි සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් රැසක් එක්වී සිටියහ.