தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ගෝඨාට බය වෙන්න එපා - බැසිල්ගෙන් ගෝඨා ගැන ජනතාවට සහතිකයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාට බය වෙන්න එපා – බැසිල්ගෙන් ගෝඨා ගැන ජනතාවට සහතිකයක්



ගෝඨාභය රාජපක්ෂට බිය විය යුතු නැති බවත් ඔහු දැඩි පාලකයෙක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව අනුමාන කරන බවද බැසිල් රාජපක්ෂ පවසා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ඒකාධිපතියෙක් විය හැකි බවට බොහෝ දෙනා බිය දක්වන බවට මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හොඳ කළමණාකරුවෙක් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙන් බව තමන් විශ්වාස කරන බවයි.

පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි.