தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ගෝඨාභයගේ ගමන්බලපත්‍රයෙන් යළිත් විදෙස්ගතවීමට අවසර ලැබේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභයගේ ගමන්බලපත්‍රයෙන් යළිත් විදෙස්ගතවීමට අවසර ලැබේ!



ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍රය භාවිතය අත්හිටුවන ලෙස අධිකරණයේ පෙත්සමක් විභාග කරමින් පවතින අතර සිංගප්පූරුවේ ප්‍රතිකාර ගැනීම සඳහා අවසරය ලබා දී ඇත.
ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් මෝසමක් මගින් කළ ඉල්ලීමට අනුව, මෙම අවසරය ලැබී ඇත. ඒ අනුව ඔක්තෝබර් 9 සිට 12 දක්වා සිංගප්පූරුවේ සුප්‍රකට මවුන්ට් එළිසබත් රෝහලේ වෛද්‍ය පරික්ෂණයක් කිරීමට ගෝඨාභය රාජපක්ෂ පිටත්ව යාමට නියමිතය.
ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ අවශ්‍ය ඕනෑම වෛද්‍ය පරික්ෂණයක් කරන්නට හැකියාව තිබියදී ගෝඨාභය වැනි දේශපාලකයන් අධික වියදමක් දරමින් විදේශගතව ප්‍රතිකාර ගන්නා බවද අතැැම්විට අධිකරණය නොමග යවන්නට එවැනි ප්‍රතිකාර ගැනීම් උපයෝගි කරගන්නා බවටද චෝදනා එල්ල වී ඇත. මවුන්ට් එළිසබත් රෝහලේ සාමාන්‍ය නේවාසික ප්‍රතිකාර ගැනීමකදී දිනක රෝහල් ගාස්තුව පමණක් රුපියල් ලක්ෂයක් පමණවන බවට ගණන් බලා ඇත.