தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨාභයගේ පුරවැසිකම විසඳන්න ලාංකිකයෙක් අමෙරිකාවේ නඩු පවරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභයගේ පුරවැසිකම විසඳන්න ලාංකිකයෙක් අමෙරිකාවේ නඩු පවරයි



ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කරද්දී තවදුරටත් ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය අවලංගු කළ බව හෝ ලංකාවේ පුරවැසිභාවය හිමිකරගැනීමේ ක්‍රියාදාමය ආන්දෝලනාත්මක ප්‍රශ්නයක්ව පවතී.

2003 එක්සත් ජනපදයේ පුරවැසියකුව දිවුරුම් දී සිටි ගෝඨාභය පසුගිය අප්‍රේල් 17 වැනිදා එම අමෙරිකානු පුරවැසිභාවය අත්හළ බවට විවිධ ප්‍රකාශ නිකුත් කළද එක්සත් ජනපදය තුළ එය නිරවුල්කර නොමැතිකම නිසා ලාංකිකයකු විසින් නිව්ජර්සි ප්‍රාන්තයේ වාසය කරන රූපසිංහ නමැති ලාංකිකයෙක් මෙසේ නඩුමගට බැස ඇත. නිව්යෝක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ නොවැමුබර් 8වැනිදාය.

මේ අතර ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා ගෝඨාභය විධිමත් හා නීතිමය වශයෙන් නිවැරදි ක්‍රමවේදයක් භාවිතකර නොමැති බැවින් එම පුරවැසිභාවය පිළිගත නොහැකි බව බොහෝ දෙනාගේ තර්කය වී ඇත. 2005 නොවැම්බර් මසදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසුව ජනාධිපතිවරයාගේ විෂයපථයට අයත් නොවන කාර්යයක් ලෙස තම සොයුරාගේ කිසිදු අයදුම්පතක් නිල වශයෙන් ඉදිරිපත් නොකර ඔහුට මෙරට පුරවැසිකම ලබා දී තිබුනේ එරට පුරවැසිකම තිබියදීමය. එහෙත් ගෝඨාභයට සිය එක්සත් ජනපද පුරවැසිකම අත්හරින්නට අවශ්‍යව ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිමිවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දුවීමෙන් පමණි.

මේ පසුබිම තුළ ජනාධිපතිවරණය ආන්දෝලනයකට ඇද වැටී ඇත. අපේක්ෂකයකු ලෙස ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය නොකර ඔහු ජනාධිපතිවරණය හෝ වෙනත් ප්‍රධාන මැතිවරණයකට එක්වීම සැක කටයුතු බවද ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කියනු ලැබේ.

මේ අතරම එක්සත් ජනපදයේ පුරවැසිකම අත්හැරි නිසා ආදායම් බදු ලැයිස්තුවෙන් ඉවත්වූවන් ලෙස සැළකෙන අයගේ නාමලේඛනය එක්සත් ජනපද තානාපති අංශ විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත. එම ලැයිස්තුව පෙන්වා දෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට තවමත් එක්සත් ජනපද පුරවැසි වගකිමෙන් නිදහස් විය නොහැකිබව පවසන නීථිවේදින් ඒ අනුව ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධව උද්ගතව ඇති නෛතික ගැටලුව තවදුරටත් අධිකරණය විසඳිය යුතු ගැටලුවකි.