தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ගෝඨාභය ආණ්ඩුව 2022 වැඩ අරඹයි - පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය ආණ්ඩුව 2022 වැඩ අරඹයි – පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් අත්අඩංගුවට!



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මීට මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද(4) සවස 2.00ට බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා ‌කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව ගිය අතරමග පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට කඩුවෙල පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවකදී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.