Posted on 11.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (18) අනුරාධපුරයේ දිවුරුම් දීමේ සතුට සමරමින් සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වවුනියාවේ
එක්සත් ජාතික පක්ෂ සංවිධායක සමග බහින්බස් වී පහරදී ඇත.
වවුනියාව එ.ජා.ප. ප්රධාන සංවිධායක පී.ඒ. කරුණාදාසට ඊයේ සවස කිසියම් දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි. සංවිධායකවරයා නෙඩුන්කුලම් ග්රාමයේ සිය නිවසේ සිටින අවස්ථාවේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ දිවුරුම් දීම සමරමින් තරුණයින් පිරිසක් විසින් රතිඤ්ඤා සංවිධායකවරයාගේ නිවෙස් භූමියට දැමීම හේතුවෙන් සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.