தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
ගෝඨාභය, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම්කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම්කරයි



අද(11) පැවති පොදු ජන පෙරමුණේ සමුළුවේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණු නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ විසින් සිය සොයුරු සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබීය. මේ අවස්ථාවේ සභාවට පිවිසි ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ වැළදගෙන සෙසු පක්ෂ නායකයන්ගේ පිලිගැනීමෙන් පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සමුලුව අමතමින් ප්‍රතිඥාවක් ලබා දුන්නේය.