தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ගෝඨාභය රාජපක්ෂගේ හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර පරික්ෂා කිරීමේ නියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂගේ හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර පරික්ෂා කිරීමේ නියෝගයක්!



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සතුව ඇති විදේශ ගමන් බලපත්‍ර රසහ ජාතික හැදුනුම්පත් ඇත්නම් ඒ සියලුම ලේඛන ඔක්තෝබර් 02 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නි්යෝගකර ඇත.

අද (30) අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට, එහි අමාත්‍යාංශ ලේකම්ට, ආගමන විගමන පාලකවරයාට සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාටය. ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයට එරෙහිව ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගොනු කළ රිට් පෙත්සම යළිත් අද පස්වරුවේදී කැඳවූ අවස්ථාවේදීය. ගෝඨාභය රාජපක්ෂ නිසි ලෙස ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සතුව ඇති විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝබර් මස 02 , 03 සහ 04 සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.