தமிழ்
English
Contact
Friday 15th November 2019    
ගෝඨාභය රාජපක්ෂට නීති නොතකා සුවිශේෂී ලෙස සළකා ඇති බවට චෝදනාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂට නීති නොතකා සුවිශේෂී ලෙස සළකා ඇති බවට චෝදනාවක්!



මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනයේ සිට සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ වෙත සුවිශේෂී ලෙස සළකමින් ඥාති සංග්‍රහයක යෙදී ඇති බවද රටේ නීතිය නොතකා කටයුතු කර ඇති බවටද චෝදනා නැගී ඇත.
එනම්, ලංකාවේ පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසියකු බව අනාවරණය කරමින් නව ගමන් බල පත්‍රයක් ලබා ගතයුතු වුවද එසේ නොකරමින් වංචනික අරමුණකින් කටයුතු කළ බවට ය.
ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිව්රුම් පෙත්සමකට අනුව ඔහු 2005 වසරෙහිදී ලංකාවට පැමිණියේ සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහය දීමට ය. එවකට ඇමෙරිකානු පුරවැසියකු වූ ඔහුට මෙරට පුරවැසිබව ඔහුට තිබුණේ නැති නිසා ඇමෙරිකානු ගමන් බලපත්‍රයකින් ඇතිමෙරටව සංචාරක වීසා ලබාගෙන ඔහු පැමිණ ඇත මගිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් 2005 නොවැම්බර් 18දා ම ගෝඨාභය ද්විත්ව පුරවැසිබව සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණු අතර විස්මයජනක ලෙස ඊළග රාජකාරි දිනය ලෙස නොවැම්බර් 21 වැනිදා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එම පුරවැසිභාවය හිමිකර දී ඇත. ගෝඨාභයට නොවැම්බර් 21දා ද්විත්ව පුරවැසි බව ලැබූ නමුත් ඔහුට අදාළ අවශ්‍ය තොරතුරු ආගමන විගමන පරිගණක පද්දතියට ඇතුලත් කර ඇත්තේ 2014 ජනවාරි 13 දා ය.
එසේ පුරවැසිභාවය හිමිකරගන්නා පමණින් කිසිවකුට ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වීමට නොහැකිය. ඒ සදහා මැතිවරණ දෙපාර්තමේන්තු ක්‍රියාදාමය ඔස්සේ ජූනිමසදී ඉල්ලුම් කිරීමට හැකියාව ලැබේ. කෙසේවෙතත් මැතිවරණ ජන්දදායක ලැයිස්තුවට අනුව 2005 ජනාධිපතිවරණය සඳහා එවකට මෙරට පුරවැසියකු නොවූ ගෝඨාභය රාජපක්ෂ ද ලියා පදිංචි වී සිට තිබේ. මෙය වංචනික කටයුත්තක් බව බැලු බැල්මට පෙනේ. ඔහු ලියා පදිංචි වී ඇත්තේ මැදමූලන, වීරකැටිය අංක 114 දරන තැන 130 යන ජන්දදායක අංකය යටතේ ය. එම ලිපිනයෙහිම රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිය වන රාජපක්ෂ ශිරන්ති ද ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසි බිරිද වන රාජපක්ෂ ලෝමා සහ චමල් රාජපක්ෂ ද ලියා පදිංචි වී තිබුණි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිබව ලබාදීමට අදාළ ඉල්ලුම්පත, මුදල් ගෙවු කුවිතාන්සි, ඉදිරිපත් කළ යුතු වූ ද්විත්ව පුරවැසි සහතිකය සොයා ගැනීමට නැත. මේ වනාහී මෙරට කාලයක් ආරක්සක අමාත්‍යංශ ලේකම්වරයාව සිටි නිලධාරියාට අදාළ ලිපි ගොනු ය. එසේම වැනි ලිපිගොනු අස්ථානගතවීම නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට වාර්තා කළ යුතුව තිබූ නමුත් එවැන්නක් ද සිදුව නැත.
පසුගිය මැයි මස 7වැනිදා මෙම ගමන් බලපත්‍ර ඉල්ලුම්පත හදිසි සේ සඳහන් කොට ඉදිරිපත් කර එවැනි ක්‍රියාදාමයක් ඇත්ත වශයෙන්ම සිදුකර නැති බවද නමුත් එදිනම ඔහුට නව ජාතික හැදුනුම් පත් අංකයක් සහ ගමන් බලපත්‍රයක් නිකුත්කර තිබීමත් සැකසහිත තත්වයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් මෙරට ජාතික හැදුන්ම්පත් අංකයක් හිමිව තිබුණු පද්ගලයකු වෙත නව හැදුනුම්පත් අංකයක් ලබාදී තිබීම මෙම සැකයට හේතුවක් වී ඇත.
නව හැදුනුම්පත් අංකයක් දීම පමණක් නොව, ද්විත්ව පුරවැසියකු අනුගමනය කළ යුතු ක්‍රියාදාමය මඟහැර ක්ෂනික ගමන් බලපත්‍ර නිකුත්කිරීමක් මෙරට ආගමන විගමන ඉතිහාසයේ එකම සිදුවීම බවට පත්ව තිබේ. පුරවැසිකම ලබාදීම, ද්විත්ව පුරවැසිබව ලබා දීම සහමුලින්ම විෂයභාර ඇමැතිවරයාගේ වගකීමකි. පුරවැසි පනතේ 19වන වගන්තිය අනුව එවැනි ඉල්ලීමක සියලු සාධක ලංකාවේ යහපතට හේතු වේ යැයි ඇමතිවරයා තීරණය කරන්නේ නම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසි බව ලබා දිය හැකි ය. එමෙන්ම රටේත් ජනතාවගේත් අයහපතට හේතු වන්නේ නම් ද්විත්ව පුරවැසි බව අහෝසි කිරීමට ද ඇමැති බලයක් තිබේ.
ඒ අනුව ලංකාවේ කිසිදු පිළිගත් නීතියකට යටත් නැති සුවිහේෂී පුද්ගලයකු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය පත්කර තිබුණු බවද වත්මන් ආණ්ඩුවද ඒ ආකාරයටම ගෝඨාභයට සළකා ඇති වගද පැහැදිලිය.