தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ගෝඨාභය රාජපක්ෂ අමෙරිකන් පුරවැසිභාවය අත්හරින්න ඉල්ලුම් කළා - විමල් වීරවංශ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකන් පුරවැසිභාවය අත්හරින්න ඉල්ලුම් කළා – විමල් වීරවංශ



ආරක්ෂක අමාථ්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට ඉල්ලුම් කර ඇති බව විමල් වීරවංශ විසින් ප්‍රකාශ කර තිබේ.

ඊයේ (18) කලුතරදී විමල් වීරවංශ ජනමාධ්‍ය වෙත මේ බව පවසා ඇත. පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වරින්වර ගෝඨාභයගේ නම ප්‍රකාශ වුවද ඔහුට අමෙරිකානු පුරවැසිභාවය ඇති නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බාධාවක් ඇති බව කියනු ලැබිණි. කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ විසින් මුල් කාලයේදී දේශපාලනයට එන්නට අදහසක් නැති බව පවසන ලද අතර පසුව එම ස්ථාවරය වෙනස් කිරීමට සමත් කිසියම් බලවේගයක් ඔහු පසුපස හිද කටයුතු කර තිබිණි. ජාතිකවාදී බලවේග විසින් සිය නායකයා ලෙස හදුනාගෙන සිටින මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජනප්‍රියතාව බිදවැටෙන කාලයේ ගෝඨාභය නායකත්වයට ගෙන එන්නට හැකි බව ගණන් බලමින් දේශපාලන සැලසුමක් සකස් වී ඇති බව පෙනී යන අතර මේ වනවිට සිය අමෙරිකන් පුරවැසිභාවයද පරදුවට ලබමින් එන්නේ නැති බව කියු දේශපාලන පොරයට ඔහු සූදානම් වෙමින් සිටී.

ලංකාවේ සාමාන්‍ය ජනතාව දේශප්‍රේමින් ලෙස පෙනී සිටින පුද්ගලයන් සිය නායකයන් ලෙස හදුනාගන්නා නමුත් ඔවුන් මෙරට අනාගතයට වැඩිම ද්‍රෝහිකම් සිදුකළ බව වටහා ගෙන නැත. විශේෂයෙන්ම ලංකාවේ යුද කදවුරු පිහිටුවිය හැකි කරම් ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් 2007 ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළේ සිය සොයුරු මහින්ද රාජපක්ෂ ඊනියා දේශප්‍රේමියා ලෙස ජනතාව මර්දනකාරි පාලනයකට යටත්කර සිටියදීය. මේ වනවිට අමෙරිකා පුරවැසිභාවය අත්හැරීමට තරම් දේශප්‍රේමියකු බවට ගෝඨාභය නාමකරණය කරන්නට විමල් වීරවංශලා සූදානම්ය. එහෙත් ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ධුරය දරන ලද්දේද එක්සත් ජනපද මිලිටරි බලයට අවශ්‍ය ගිවිසුමක් අත්සන් කළේද අමෙරිකානු පුරවැසියකු ලෙසය. ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ගැනීමේ නීතිමය අවශ්‍යතාව සදහා අමෙරිකානු පුරවැසි හැව අත්හැරීම ගෝඨාභයගේ දේශප්‍රෙමිත්වය බවට ඔසවා තබනු ලබන්නේද විමල් වීරවංශ වැනි ව්‍යාජ දේශප්‍රේමින් විසිනි.