தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨාභය රාජපක්ෂ රටක් නැති තත්වයට පත් වුණා! - රාජන් හූල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂ රටක් නැති තත්වයට පත් වුණා! – රාජන් හූල්



එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් අමෙරිකානු ගමන් බලපත්‍රය හා ලංකාවේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ රටක් නැති පුද්ගලයකුගේ තත්වයට පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි.

ඔහු මේ බව පවසන්නේ නොවැම්බර් 28 වැනිදා ඩේලිමිරර් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීය. ද්විත්ව පුරවැසිභාවය හා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පැවති තත්වය පිළිබඳ කරුනු ඩේලිමිරර් මාධ්‍යවේදී සුසිත ප්‍රනාන්දු විසින් විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා ප්‍රකාශකරන ආන්දෝලනාත්මක කරුනු අනුව පැවසෙන්නේ අමෙරිකානු ගමන්බලපත්‍රය සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කෙළ පසුව ගෝඨාභය රාජපක්ෂ රටක් නැති පුරවැසියකු වැනි තත්වයක සිටි බවයි. ඩේලි මිරර් පුවත්පතට අදාළ කරුණ පිළිබඳ ඔහු දක්වා ඇති අදහස්වල පරිවර්තනයක් මෙසේය.

“… අපගෙන් කිසිදු ආරාධනාවක් නැතිව, අලි සබ්‍රි (ජනාධිපති අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා) තවත් කෙනෙක් එක්ක කොමිෂන් සභාවට ආවා. ගෝඨාභයගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත්කර ඇති බවට තානාපති කාර්යාලයෙන් බව කියන ලිපියක් අපට භාරදුන්නා. ගමන් බලපත්‍රයත් ලංකාවෙ ද්විත්ව පුරවැසි සහතිකයත් අවලංගුකර තිබුණා. මගේ සගයන් දෙන්නා ඒ ලියකියවිලි බැලුවා. ගෝඨාභය රාජපක්ෂ රටක් නැති පුද්ගලයෙකුගෙ තත්වයක් ඇතිව තිබෙන බව මට ඉක්මනින් තේරුණා. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නය විසඳිය යුතුව තිබුණා.

ඉන්පස්සෙ නොයෙක් දේවල් සිදුවුණා. පුරවැසි ගැටලුව ගැන බයවෙන්න දෙයක් නැති බවත් ප්‍රශ්නයක් ආවොත් ඒ මගෙන් නිසා ඒක ගැන බලාගන්න පුළුවන් බවත් දේශප්‍රිය ගෝඨාභය පාර්ශ්වයට දන්වා තිබුණු බව මාධ්‍ය මිතුරන් අනාවරණය කළා.”