தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණ කරන්න යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණ කරන්න යයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය තුල හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාධ්‍ය අංශය පවසන්නේ බන්ධනාගාරය පිටත ඇවිදිමින් සිටි රැඳවියන් කිහිප දෙනෙකු සමඟ ජනාධිපතිවරයා කතා බහක නිරත වී ඇති බවයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සඳහා සිරගත කරනු ලැබූවන් බව පැවසේ.

මේ අවස්ථාවේ බන්ධනාගාර රැඳවියන් පවසා ඇත්තේ බන්ධනාගාරය තුල රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක රැඳවියන් ප්‍රමාණයක් රඳවා ඇති බවයි. එසේම රැඳවියන් පවසා ඇත්තේ තම නඩු කටයුතු සඳහා ඉතා දීර්ඝ කාලයක් ගතවන බවයි.

ජනාධිපතිවරයා මේ ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී සිරකරුවන් විසිහත් (27 )දෙනෙකු මරා දමා තවත් රැඳවියන් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ චෝදනාව ප්‍රධාන ලෙස එල්ල වෙන්නේ ඒ අවධියේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂටයි. එම ඝාතන සිදුවීම් සියැසින් දුටු රැඳවියන් ලබාදුන් සාක්ෂි හරහා සිරකරුවන් ඝාතනය කිරීම සැලසුම් සහගතව ආරක්ෂක අංශ විසින් සිදු කර ඇති බව හෙළිවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මෙතෙක් නඩු පැවරීමක් සිදුකර නොමැත. ඊට අමතරව දැනට පොලිස් මත්ද්‍රවය නාශක අංශයේ පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එමිල් රන්ජන් ළමාහේවාට එරෙහි අධිකරණ කටයුතු සිදුවන්නේද ඉතා මන්දගාමී ආකාරයෙනි.