தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ගෝඨාභය වසංගත අවස්ථාව ඡන්ද ප්‍රචාරණයට යොදා ගනියි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය වසංගත අවස්ථාව ඡන්ද ප්‍රචාරණයට යොදා ගනියි!



ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය රටේ ව්‍යසනයක් පවතින මොහොතක ඒ ගැන අවධානය යොමු නොකර සිදුකළ දේශපාලන කතාවක් පමණක් වීම ගැන අප්‍රසාදය එල්ල වෙමින් තිබේ. ඊයේ උදෑසන සිට ජනාධිපතිවරයා ජාතිය අමතන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ජනතාව බලාපොරොත්තුව සිටියේ රටේ මතුව ඇති වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා යම් ක්‍රියාමාර්ගයක් ගැන කතාවේදී ප්‍රකාශ කෙරෙනු ඇති බවයි. නමුත් ඒ ජනාධිපතිවරයා සිය කතාවේදී එම බලාපොරොත්තුවලට ආමන්ත්‍රණය කරනු දැකිය නොහැකි විය. ඔහුගේ කතාව පුරාම දක්නට ලැබුනේ මේ වසංගත අවස්ථාව තමන්ගේ දේශපාලන කතාව කීම සඳහා ඔහු පාවිච්චි කරන ආකාරයයි.

කොරෝනා වයිරසය මුලින්ම චීනය තුළ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබුණු මොහොතේ චීනයේ සිටි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක් කරන ලදී. නමුත් අනෙක් රටවල්වල පැමිණෙන ජනතාව වෙනුවෙන් කිසිම ආකාරයේ නිරෝධායන කටයුත්තක් ආරම්භ කිරීම සිදු නොවිය. මෙරටින් පළමු රෝගියෙකු වාර්තා වී තිබියදී පවා එම කාන්තාව සුව වීම ගැන සදර්ශන පැවැත්වීම හැර ඉදිරියට මතුවිය හැකි තත්ත්වයකට සූදානම් වීම සිදු නොවුණි. සුළු වශයෙන් හෝ ක්‍රියා මාර්ග ගනු ලැබුවේ මාර්තු 10 වැනිදා සිටයි. එය ප්‍රමාණවත් නොවන බව වසංගතය පැතිරෙන වේගය අනුව පැහැදිලි වේ.

මෙවැනි මොහොතක ජනතාව බලාපොරොත්තු වෙමින් සිටින්නේ රෝගය පැතිරීම වැළක්වීම සඳහා ආණ්ඩුව ඉදිරියේදීගනු ලබන ක්‍රියා මාර්ග මොනවාද, සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම ගැන ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද, වෙළඳ පොළ තුළ අත්‍යවශ්‍ය ද්‍රවය හිඟයක් ඇති නොවීමට ආණ්ඩුව ලෙස ගන්නා ක්‍රියා මාර්ග මොනවාද, ආර්ථික තලයේ යම් සුබ සාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේද වැනි කාරණායි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව තුළ අනතර්ගත වූවේ මැතිවරණයක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව, 2/3 ක බහුතර බලයක් ඔහුට ලබාදිය යුතු බව සහ තමන් සැමන් ටින් එකක් රුපියල් 100කට අලෙවි කිරීමටත් පිරිප්පු කිලෝවකට රුපියල් 65ක උපරිම මිලක් නියම කිරීම වැනි සහන ලබාදී ඇති බැවින් තමන් ගැන තිබෙන විශ්වාසය ඉදිරියටත් තබාගන්නා ලෙසයි.

මෙවැනි කතාවක් මැතිවරණයක් පවතින මොහොතක ඡන්ද ප්‍රචාරණය සඳහා සිදුකළ එකක් මිස වෙනයමක් නොවන බවට මත පලවෙමින් තිබේ.