தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨා අද සිටිය යුත්තේ සිරගෙදර! - සමන්ත විද්‍යාරත්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා අද සිටිය යුත්තේ සිරගෙදර! – සමන්ත විද්‍යාරත්න



නීතිය හරිහැටි ක්‍රියාත්මක කෙරුණා නම් පොහොට්ටුව අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ පිරිසක් මේ වනවිට සිරගතව සිටිය යුතු බව
ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

අද(23) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ 2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන ලද දින 100 පාලන සමයේ ජාතික විධායක සභාවේ කාර්ය ලෙස රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට දඬුවම් කිරීම ගැන එවකට අදහස් පළ කළ අතර කිසිදු පුද්ගලයකුට දේශපාලන වශයෙන් ඇති තත්වයන් මත යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියෙන් ගැලවෙන්නට ඉඩ නොමැති තැනට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් නොවන බව ජාතික විධායක සබාවේ ප්‍රධාන භූමිකාව ඉසිලූ ජ.වි.පෙ. නායක සහ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ අදහස් පළ කරන ලදී.

පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසා සිටියේ දේශපාලනඥයින් පමණක්ම වැරදිකරුවන් නොවන අතර රාජ්‍ය යාන්ත්‍රණය තුළ හොඳ මෙන්ම නරක මිනිසුන් ද සිටින බවත්ය. රට තුළ 2015 සිට හරි ආකාරව නීතිය ක්‍රියාත්මක වුවානම් මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ යන අය සිටිය යුත්තේ රක්ෂිත බන්ධනාගාරගතව බවත් ජ.වි.පෙ. ඌව පළාත් සභා මන්ත්‍රිවරයා පැවසීය. කෙසේවෙතත් එම ක්‍රියාදාමය ජ.වි.පෙ. අපේක්ෂා කල ආකාරයට සිදු නොවූ අතර මේ වනවිටත් රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ චූදිතයන්ට අදාළ විධිමත් නීති ක්‍රියාවලියකින් නඩු පැවරිම් සිදුකර නැත. ඒ වෙනුවට ජ.වි.පෙ. විසින් එවකට මැද්හත් වූ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නඩුපැවරීමට අදාළ විශේෂ කමිටුවද කිසිවක් ඉටුකර නැත. කෙසේවෙතත් ජ.වි.පෙ. මේ වනවිට ආණ්ඩුවට චෝදනා ගොනු කරන්නේ තමන් එම ක්‍රියාදාමයේදී ජනතාවට දුන් සහතිකය කඩ කළ බවද අමතක කරමිනි.