தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ගෝඨා ඇතුලු සැකකරුවන් ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් නිදහස්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා ඇතුලු සැකකරුවන් ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් නිදහස්!



ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළ නඩුවේ අල්ලස් ගැනීම සම්බන්ධ චෝදනා ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන්නට අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුකර ඇත.

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළ බවට ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් මෙම නඩුව ගොනු කර තිබිණි. මෙම සිදුවීමට අදාළ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කරන්නට සහ අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.