தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ගෝඨා නම් කරේ රටේ ප්‍රශ්නය හරියටම තේරුම් අරගෙන - සරත් ෆොන්සේකා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා නම් කරේ රටේ ප්‍රශ්නය හරියටම තේරුම් අරගෙන – සරත් ෆොන්සේකා



ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා පැවසීය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩු පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද සඳහන් කර තිබේ.

තමන්ට ආරක්ෂක අමාත්‍ය ධූරයක් ලබාදෙනු ඇතැයි සරත් ෆොන්සේකා දිගින් දිගටම බලාපොරොත්තු වන බව පෙනුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන ලදී. ඔහු ඉහත ප්‍රකාශ හරහා පළ කරමින් සිටින්නේ ආරක්ෂක ඇමති ධූරයක් තමන්ට නොලැබීමේ කෝපය විය යුතුය.