தமிழ்
English
Contact
Friday 6th December 2019    
ගෝඨා-මහින්ද, තාවකාලික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා-මහින්ද, තාවකාලික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් වේ!



මහමැතිවරණයක් පැවැත්වෙන තුරු තාවකාලික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම අද(22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තාවකාලික ආණ්ඩුවේ 15 දෙනකුගෙන් සමන්විත ඇමතිවරු මෙසේ දිවුරුම් දුන් අතර රාජ්‍ය අමාත්‍යවරු 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට හිමිව ඇති ඇමති වගකීම් සහ අනෙකුත් ඇමති මණ්ඩලයේ වගකීම් බෙදී ගොස් ඇත්තේ මෙසේය

අගමැති මහින්ද රාජපක්ෂ – මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය,මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, බුද්ධ ශාසන,සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය

චමල් රාජපක්ෂ – මහවැලි,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය

නිමල් සිරිපාලද සිල්වා – අධිකරණ මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන – විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුණතා සංවර්ධන අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

ආරුමුගන් තොණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

බන්ධුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන,ස්වදේශීය කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ​අමාත්‍ය

පවිත්‍රාදේවි වන්නිආරච්චි – කාන්තා සහ ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය

ජොන්සටන් ප්‍රනාන්දු – මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය

විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

මහින්ද අමරවීර – මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා ශක්ති කාර්ය හා කර්තව්‍ය අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන – පරිසර හා වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය

ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාර සහ ගුවන් සේවා අමාත්‍ය