Posted on 05.13.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගමැති ලෙස පත් කළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සඳහා කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 20කට සීමා කරනු ලබන බව වාර්තා වේ.
මෙම ඇමති මණ්ඩල සාමාජිකයන් අතරට ජනපති සහ අගමැතිද අයත් වන නිසා මෑතකදී පත්වන කුඩාම ඇමති මණ්ඩලය මෙය වනු ඇත.
එසේම ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.
කෙසේවෙතත්, රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීම හරහා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරුන්ට මෙන්ම රනිල් වික්‍රමසිංහට පක්ෂපාති වන පුද්ගලයන්ට වරදාන දීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත. එසේම පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා රනිල්ට පක්ෂපාති පුද්ගලයන්ට මන්ත්‍රිධුර දෙන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නැත.
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි ද ඊට අයත් සාමාජික සංඛ්‍යාව තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වනවිට ඇමති මණ්ඩලය ලෙස පත්කරනු ලබන බවට පහත නාමාවලිය සමාජ ජාලා ඔස්සේ අදහස් පළ වෙමින් පවතී.