தமிழ்
English
Contact
Monday 24th June 2019    
ගෝඨා සුදු වෑන් දැකලවත් නැහැලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා සුදු වෑන් දැකලවත් නැහැලු



විරුද්ධ පාක්ෂිකයන් චෝදනා කරන ආකාරයට තමන් සතුව සුදු වෑන් එකක් හෝ නොමැති බව ගෝඨාභය රාජපක්ෂ පවසයි. පසුගියදා නුවර ගෙලිඔය ප්‍රදේශයේ එළිය සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

එසේම 88-89 කාල වකවානුවේ අපරාධ සිදුකළ පුද්ගලයන්ම සුදු වෑන් සංස්කෘතිය හඳුන්වා දෙන ලද බව සෑම දෙනෙක්ම දන්නා කරුණක් බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂ රජය අහිංසක මිනිසුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක නොකරන ලද බවත් තනි තනි පුද්ගලයන්ට පළිගැනීම් සිදු නොකළ බවද ඔහු පවසා ඇත. එකළ තිබූ බලවත් බුද්ධි අංශයෙන් සිදුකළේ ත්‍රස්තවාදය මැඩලීම පිණිස උපකාර කිරීම බවද ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.