தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ගෝ්ඨාභය පත්කළ රාජ්‍ය ඇමතිවරුන් 19කට වැඩ නැතිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝ්ඨාභය පත්කළ රාජ්‍ය ඇමතිවරුන් 19කට වැඩ නැතිලු!



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා පත් කළ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට එනම් 19ට තවමත් හරිහැටි රාජකාරි විෂයන් පවරා නැත.

අගමැති මහින්ද රාජපක්ෂ සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇත. එහෙයින් කිසිදු කාර්යයක් නොමැතිව කාලය ගතකරන රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් සහ කාර්යන් පවරා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ නිර්දේශ මත දෙසැම්බර් මස 23 වැනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශේෂ චක්‍රලේඛනයක් යවා ඇත.

එම චක්‍රලේඛනය නිකුත් කර මාසයක් ගතවී ඇතත් තවමත් විෂයන් හා කාර්යන් පවරා දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන් 19 දෙනෙකුට පමණකි.