தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ග‍්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය, දක්ෂිණාංශයට පරාජය වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ග‍්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය, දක්ෂිණාංශයට පරාජය වේ



ග‍්‍රීසියේ රැඩිකල් වාමාංශික සයිරිසා(Zyrisa) සන්ධානයට ආණ්ඩු බලය අහිමි කරමින් විපක්ෂයේ දක්ෂිණාංශික ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘(New Democracy) පක්ෂය ජයග‍්‍රහණය කර ඇත.
‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පක්ෂය විසින් 39.8%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් නමුත් සයිරිසා පක්ෂයට හිමි වූයේ 31.6%ක් පමණකි. ඊට අමතරව මධ්‍ය වාමාංශික ‘වෙනස’ ව්‍යාපාරය විසින් 7.9% ක ප‍්‍රතිශතයක්ද ග‍්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය 5.4%ක ප‍්‍රතිශතයක්ද ඡන්ද ලබාගෙන ඇත. කෙසේවෙතත් මෙවර ග‍්‍රීසියේ මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡුන්දය ප‍්‍රකාශ කළ ප‍්‍රතිශතය 57%ක් පමණක් බවත් එය පසුගිය මැතිවරණවලට වඩා ඉතා පහළ අගයක් බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ප‍්‍රගතිශීලි සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු දෙමින් 2015 බලයට පත් වූ සයිරිසා පක්ෂය යුරෝපා සංගමයේ නියෝගවලට යටත් වෙමින් සුබසාධන කප්පාදු කිරීමේ හා නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරන ඉදිරියට ගෙනයාමේ පියවර ගැනීම නිසා ජනතාව වෙතින් දුරස් විය. 2015 ජනවාරි මාසයේ සයිරිසා සන්ධානය ජයග‍්‍රහණය කළේ ඒ වනවිට බලයේ සිටි ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදය‘ පක්ෂය පරාජය කරමිනි. මේ අනුව, ග‍්‍රීසියේ සමාජවාදී වෙනසක් අපේක්ෂා කළ ජනතා බලවේගවලට පරාජිත අත්දැකීමක් විඳ දරාගන්නට සිදුව ඇත.