தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ඝාතනය වූ බෙනාසිර්ගේ සැමියා යළි අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඝාතනය වූ බෙනාසිර්ගේ සැමියා යළි අත්අඩංගුවට!



පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇත.

පකිස්ථානයේ හිටපු අගමැති බෙනාසීර් භූතෝගේ ස්වාමිපුරුෂයා වන අසීෆ් අලිබෙනාසීර් ඝාතනය වීමෙන් පසු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඔහු විසින් ව්‍යාජ බැංකු ගිණුම් වත්වාගෙන ගොස් ඇති බවද එම ගිණුම්වලට රුපියල් මිලියන ගණනින් මුදල් තැන්පත්කර ඇති බවද 2015 පමණ සිට සිදුකළ පරීක්ෂණවලින් පෙනීගොස් ඇති බව පාකිස්ථාන ආණ්ඩුව පවසයි.

2 008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ජනාධිපතිවරයා ලෙස සේවය කළ සර්දාරි මින් පෙර  අල්ලස් චෝදනා මත සිරගතව සිටියේය.