தமிழ்
English
Contact
Friday 14th May 2021    
චිනයෙන් ලංකා පොලිසියට ආරක්ෂක සන්නිවේදන පද්ධතියක් තෑගි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චිනයෙන් ලංකා පොලිසියට ආරක්ෂක සන්නිවේදන පද්ධතියක් තෑගි!



ශ්‍රී ලංකා පොලීසිය සඳහා සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා චීන රජයන් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිතය.

මේ ප්‍රදානය යටතේ බස්නාහිර පළාත‌ට අදාළ නාගරික කලාපවල පොලිස් ජ්‍යෝෂ්ඨ නිලධාරීන් සහ පොලිස් ස්ථාන අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීම සඳහා පුළුල් ලෙස භාවිතා වන සන්නිවේදන පහසුකමක් ලෙස TETRA (Terrestrial Trunked Radio) පහසුකම පොලීසියට ලබා දෙනු ඇත. මෙම පහසුකමට, ශාරීරික කැමරා, ටැබ් සහ සන්නිවේදන උපාංග ඇතුළත්ය. එහිදී පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් ස්ථාන භාර නිලධාරීන් වැනි වෙනම කණ්ඩායම් ඇමතීමට හැකි වේ. මේ අන්දමට චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් රවල් කිහිපයකටසන්නිවේදන පද්ධති ලබා දී ඇත.

චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වී ෆෙං මේ මස අවසානයේ ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රදානය නිල වශයෙන් ලබා දෙනු ඇත.
මේ වනවිට චීන අගනුවර භාවිත වන “Beijing JustTop TETRA Network” ලොව විශාලතම ඒ වර්ගයේ ආරක්ෂක සන්නිවේදන ජාලය ලෙස හැඳින්වේ.

කෙසේවෙතත් ලංකාවේ පොලිසියට මෙවැනි උපාංග පද්ධතියක් ලබාදීමෙන් පොලිසියේ ස්වාධීනත්වය පවත්වා ගැනීමේ අර්බුදයක් පැන නගින්නේ නැතිදැයි ඇතැම් අංශ ප්‍රශ්න කර තිබේ. විශේෂයෙන් මෙවැනි පද්ධතිවලට ඇතුළු වීමේ අවස්ථා ඇත්තේද චීනය මුල්කරගත් සන්නිවේදන විශේෂඥයන්ටය. ඒ අනුව, චීන අවශ්‍යතා අනුව පොලිසියේ තොරතුරු ආවේක්ෂණය කිරීමේ අනතුරක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් එම සැක කිරීම තුළ ඇත.

(සේයාරුව – කාම්බෝජයට චීනයෙන් ලබාදුන් සන්නිවේදන පද්ධතිය)