Posted on 12.20.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
චිලියේ වාමාංශික ශිෂ්‍ය නායක ගේබ්‍රියෙල් බෝරික්, ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇත.
35 හැවිරිදි බෝරික් 56% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, ඔහුගේ ප්‍රතිවාදි අන්ත දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් පරාජය කළ අතර, චිලියේ ලාබාලතම නූතන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ජයග්රහණයෙන් පසුව, සන්තියාගෝ අගනගරයේ තරුණ ආධාරකරුවන් දහස් ගණනක් ස්වදේශික මාපුචේ භාෂාවෙන් ඔහු කතා කළේය.
“අපි වනාහී අපේ අයිතීන් අයිතිවාසිකම් අයිතිවාසිකම් ලෙස සළකන ලෙසත් පාරිභෝගික භාණ්ඩ හෝ ව්‍යාපාරයක් ලෙස නොසලකන ලෙස ඉල්ලා සිටිමින් බිහිවූ පරම්පරාවක්” තරුණ ජනාධිපතිවරයා පැවසීය.
“ධනවතුන් සඳහා යුක්තිය සහ දුප්පතුන් සඳහා යුක්තිය වශයෙන් දෙආකාරයක් දිගින් දිගටම පවතින බව අපි දනිමු එහෙත්, චිලියේ පවතින අසමානතාවයේ මිල ගෙවීමට දුප්පතුන්ට අපි තවදුරටත් ඉඩ නොදෙමු.”
ප්‍රමුඛතම තඹ නිපදවන රාජ්‍ය ලෙස චිලිය තුළ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ පොරොන්දුව නිසා යෝජිත පතල් ව්‍යාපෘතියක් අවලංගු කිරීමේ අරමුණ ඔහු සිය කතාවේදී ඉස්මතු කළේය.
ආඥාදායක පිනෝචේ විසින් ක්‍රියාත්මක කළ නව ලිබරල් ආර්ථික ආකෘතියේ සකේතයක් බඳු ‘දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය’ අවසන් කරන බවද ඔහු කියා සිටියේය. ශිෂ්‍ය දේශපාලනයෙන් ඉදිරියට පැමිණි ඔහු ජනප්‍රිය නායකයකු ලෙස මතු වුයේ චිලියේ අසමානතාවය විවේචනය කරමින් සහ පරිසරය සුරකිමින් ඉදිරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමිනි.
1971 ජනතා ඡන්දයෙන් තෝරාපත් කරගත් සැල්වදෝර් අයන්දේගේ සමාජවාදී රජය, එක්සත් ජනපදයේ සහාය ගෙන මිලිටරි කුමන්ත්රණයකින් පරාජය කළ 1973 සිට මිලිටරි ආඥාදායකත්වය විසින් රටතුළ ආරම්භ කළ නව ලිබරල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි ප්‍රතිවාදී අපේක්ෂක අන්තෝනියෝ, පසුගිය මාසයේ පළමු වටයේ ඡන්ද විමසීමේදී බෝරික්ට වඩා 2%න් ඉදිරියෙන් සිටියේය. කෙසේවෙතත් බොරිස් ජයගත් පසුව, දුරකථනයෙන් ඔහු අමතා සුබපැතූ අන්තෝනියෝ ඔහු හමුවී සුබපැතීම පිණිස බොරික්ගේ මැතිවරණ ප්රචාරක මූලස්ථානය වෙතද ගිය බව වාර්තා විය.
මාර්තු මාසයේදී නිල වශයෙන් ධරය භාර ගන්නා බෝරික්, දශක ගනනාවක් තිස්සේ චිලියේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට උපකාරී වූ නමුත් අසමානතාවය අවුලුවාලූ වෙලඳපොල මුල්කරගත් ආර්ථික ආකෘතිය කෙරෙහි ඇති ජනතා කෝපය හඳුනාගෙන ඇත. එම නව ලිබරල් ආර්ථිකය විසින් 2019 දී කෝපාවිෂ්ඨ ජනතා විරෝධතා අවුලුවා, ප්රගතිශීලී වමේ දේශපාලනයක නැගීසිටීම සටහන් කළේය.
කෙසේවෙතත්, ලතින් අමෙරිකාවේදී අභියෝගයන්ට ලක්ව ඇති සමාජවාදී ප්‍රතිසංස්කරණ වෙනුවට යුරෝපා සම්ප්රදායේ සමාජ-ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ තුළින් ඉදිරියට යාම බව ප්රකාශිතය.