தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
චීනයෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් තොර සැමන් කන්ටේනර් 48ක් ආපසු හරවා යැවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීනයෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් තොර සැමන් කන්ටේනර් 48ක් ආපසු හරවා යැවේ



චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අඩංගු කන්ටේනර් 48 ක් යළි චීනය වෙත යැවීම අද ආරම්භකර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ, එම කන්ටේනර්වල ටින් මාළු මෙට්‍රික් ටොන් 768 ගබඩා කර ඇති බවයි.

එහි වටිනාකම රුපියල් මිලියන 384 කට අධික බව ද ඔහු පැවසී ය.

මෙම ටින් මාළුවල මිනිස් සිරුරට අහිතකර ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී තහවුරු වූ බව අතිරේක රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත.