தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
චීන ණයවලට චීන සමාගම් කැදවීම යළි අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන ණයවලට චීන සමාගම් කැදවීම යළි අරඹයි!



චීනයේ ණය වියදම් කරමින් ලංකාවේ ආයෝජන සදහා චීන සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීම මහින්ද රාජපක්ෂගේ ඇමති මණ්ඩලයෙන් නැවත ආරම්භ කර තිබේ.

මේ යටතේ කොළඹ වරායේ ජය කන්ටේනර් පර්යන්තයේ(JCT) ගැඹුර වැඩි කිරීම සදහා චීන වරාය ඉන්ජිනේරු සමාගම(CHEC)ටද එම පර්යන්තයේම දොඹකර ඉදිකිරිම සදහා ෂැංහයි ෂෙන්සුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම(SZHI)ටද කොන්ත්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඩොලර් මිලියන 500ක ණයක් චීන සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටීමට මහින්ද රාජපක්ෂගේ ඇමති මණ්ඩලය තීරණය කර තිබේ. මේ වනවිට එම බැංකුවෙන් අමෙරිකන් ඩොලර් බිලියනයක ණය ලබා ඇති අතර මෙම නව ණය මුදල 5.3%ක පොලියට ලබාගන්නට නියමිතය.

ලබන වසරේ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.8ක් බවට ගණනය කර තිබේ. 2014 ජනවාරි මාසයේ සහ අප්‍රේල් මාසයේදී රාජපක්ෂ රෙජිමය විසින් නිකුත් කළ බැදුම්කර කල්පිරීම නිසා ඩොලර් බිලියන 1ක් ජනවාරි 15 වනවිටද තවත් මිලියන 500ක් අප්‍රේල් මාසයේද ගෙවන්නට සිදු වේ. ඊට අමතරව විවිධ ව්‍යාපෘති සදහා ගබාගත් ණය එක්රැස් වෙමින් මෙසේ විදේශ ණය ලෙස ගෙවන්නට එකතු වී තිබේ.