தமிழ்
English
Contact
Saturday 19th June 2021    
චීන ආරක්ෂක ඇමති දෙදින සංචාරයක් සඳහා අද ලංකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන ආරක්ෂක ඇමති දෙදින සංචාරයක් සඳහා අද ලංකාවට



චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එළඹෙන 29 දා තෙක් මෙරට රැදී සිටින චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව සිය සංචාරය සිදු කිරීමට ද නියමිතව බව රජය පවසයි.

මෙය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවන ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.