Posted on 08.27.2018 by Nishshanka in ක්‍රීඩා පුවත් with 0 Comments
අද පැවැති ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේදී චීන කණ්ඩායම සිවින් තජිකිස්ථාන් කණ්ඩායම ගෝල 16-0ක් ලෙස පරාජයකරනු ලැබීය.
මෙම තරගයේදී චීන කණ්ඩායමේ වෑන්ග් ෂාන්ෂාන් ක්‍රීඩිකාව විසින් ගෝල 9ක් ලබා ගැනීමේදී ගොල් ත්‍රිත්වයක්ද ලබාගැනීමට සමත්ව තිබේ. මෙම ගෝල 9ය ඇය විනාඩි 29ක් තුල ලබා ගැනීම මේ වන විට ජාතන්තර ක්‍රීඩා විචාරකයින්ගේද අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.
වෑන්ග් ෂාන්ෂාන්ගේ මෙම විශේෂ හැකියාව හා දක්ෂතාවය ගැන බොහෝ ප්‍රසාදයෙන් සාකච්ඡා කරන අතර චීන කණ්ඩායමට මෙවර කාන්තා පාපන්දු රන් පදක්කම ලබා ගැනීමේ හැකියාව ඇති බවටද අනාවැකි පළකර තිබේ. ලබා ගැනම කැපී පෙනුනි.
මේ තරගයට පෙර පසුගිය සිකුරාදා පැවැති තරගයෙන් උතුරු කොරියානු කාන්තා පාපාන්දු කණ්ඩායම හමුවේද තජිකිස්ථාන් කණ්ඩායම ගෝල 16-0ක් ලෙස පරාජයට පත්ව තිබුනි.